Thursday, December 5, 2013

Filled Under:

නුදුරු අනාගතයේදී ඔබට අත්විදිය හැකි විශිෂ්ට සොයාගැනීමක් වන "PHONEBLOKS" තාක්ෂනය !!!!!


මේ post එක කලින් ඒවා වාගේ නම් නෙමෙයි මේකෙන් මම කියන්න යන්නේ ඉස්සරහට මිනිස්සුනට හඳුන්වා දෙන්න යන තාක්ෂණයක් ගැනයි . මේක ඉතාමත් හොඳ සොයා ගැනීමක් කියල කියන්න පුළුවන්.හරි අපි බලමු මේ මොකක්ද කියල.

"Phonebloks Technology/ ෆොන් බ්ලොක්ස් තාක්ෂනය " කිව්වම වැඩිය කවුරුවත් අහල නැතුව ඇති ..ඒ මේක තාමත් දියුණු කරගන යමින් පවතින තාක්ෂණයක් නිසයි.එත් මේක එන්න එන්නම දියුණු වෙන බවක් වගේම ජනප්‍රිය වේගන එන බව තමා පේන්න නම් තියෙන්නේ
කොහොම නමුත් මට හිතෙන විදිහට නම් මේක ඉතා හොඳ සොයාගැනීමක් කියල හිතෙනවා ..


හරි අපි දන්නවා අවුරුද්දකට මිලියන ගානක් ඉලෙක්ට්‍රෝනික උපාංග විසි කරනවා කියල ..ඒ අතරින් Mobile Phones ප්‍රධාන තැනක් ගන්නවා.අපේ රටේ නම් එහෙම ලේසියෙන් ෆෝන් එකක් විසි කරන්නේ නැති වුනාට දියුණු රටවල් වලනම් ඒවාගේ ලෙඩක් ආවම ඉතින් කරන්නේ ෆෝන් එක විසි කර වෙන එකක් ගන්නවා.ඕක තමා වෙන්නේ.අන්න ඒකට විසදුමක් විදිහට තම Phonebloks තාක්ෂනය හොයාගන තියෙන්නේ ..

ඉතින් මේ විදිහට ෆෝන් එකක් විසි කරාට එහෙම විසි කරන්න හේතුව ෆෝන් එකේ මොකක්හරි පොඩි කැල්ලක් කැඩිලා එහෙම නැත්තම් පිච්චිලා වගේ හේතු වෙන්න පුළුවන්.එත් විසි කරන ෆෝන් එකේ තවත් වැඩක් ගන්න පුළුවන් කෑලි ගොඩක් තියෙන්නේ පුළුවන්..ඉතින් මේක නාස්තියක්නේ ..


හරි මේ නාස්තිය අවම කරගන්න පුළුවන් phonebloks මගින්.ඇත්තටම මේක ෆෝන් එකක්,ස්මාට් ෆෝන් එකක් ,එත් අපි භාවිතා කරන ෆෝන් වල වගේ මේවගේ පාර්ට්ස් ෆෝන් එකේ පරිපතයට(Circuit) ස්ථිරවම හයි කරලා නැ.මේකේ කෑලි තියෙන්නේ blocks විදිහට.කෑලි කියන්නේ කැමරා,ස්පිකර්,ඩිස්ප්ලේ එක වගේ ඒවා තමා.මේ blocks අපිට ඕනේ වෙලාවක කිසිම අපහසුවකින් තොරව ගලවන්න පුළුවන්.ඒ හින්ද මොකක්හරි කෑල්ලක් කැඩුන ගමන් ඒක ගැලෙව්වා වෙන කෑල්ලක් ගත්ත හයි කරා ,දැන් අයෙත් ෆෝන් එක ගානට වැඩ ..


උදාහරණයක් විදිහට අපි පොඩි කලේ බිල්ඩින් බ්ලොක්ස් සෙල්ලම් කරා මතකනේ??අන්න ඒ වගේ තම මේකෙත් කෑලි  ගලව ගලව හයි කරන්න තියෙන්නේ අපිට ඕනේ වුනාම

ඔන්න ඕකයි සිද්දිය ඉතින් ..වැඩේ මරු නේද ???
මේ ගැන ඔයාලට වැඩිදුර තේරුම් ගන්න පුළුවන් පහත වීඩියෝ එක බලල




0 comments:

Post a Comment