Tuesday, December 10, 2013

Filled Under:

FireFox මගින් Operating System එකක් එලි දැක්වීමට යයි !!!


මෙන්න අලුත් ආරංචියක් ..FireFox කිව්වම ඉතින් දන්නැති කෙනෙක් නෑනේ ..එත් අපි FireFox  දන්නේ web browser එකක් විදිහට විතරනේ ... web browser එකක් විදිහට එක ගොඩක් ජනප්‍රියයි ..
එත් දැන් මෙයාල තීරණය කරලා තියනවා OS එකක් හදන්න ඕනේ කියල ...

මේක PC වලට එන OS එක්ක නම් නෙමෙයි ..මේක හදන්නේ Smart Phones වලටයි..එත් Tablet වලටත් මේක නිකුත් කරන්න තමා එයාල සුදානම් වෙන්නේ  ..ඔයාල නිතරම වගේ මේවා ගැන හොයන කෙනෙක් නම් මේ OS එක ගැන අහල ඇති ..මේක දැනට එයාල නිර්මාණය කරමින් පවතිනවා ..

Firefox OS එකක්  කියන්නේ අපිට අපේ device එකේ ස්ථාපිත කරගන්න පුළුවන් OS එකක් නෙමෙයි ..මේක අලුත් device වල ස්ථාපිත කරලා එවන්න තමා එයාල හදන්නේ ..ඒ කියන්නේ ඉස්සරහට ඔයාලට මිලදී ගන්න පුළුවන් Firefox OS එක run කරන smart phones සහ tablets..


ඇත්තට Mozilla කියන්නේ Apple,Google,Microsoft සමාගම් වගේ  ලාභ බලාපොරොත්තු වන ආයතනයක් නෙමෙයි ,එත් දැන් mozilla සමගම හිතනවා එයාලගේ OS නිකුත් කරොත්  ඒක වෙළඳපොලේ වෙනසක් ඇති කිරීමට හැකියාවක් දක්වයි කියල ..

Moziila සමාගමේ අභිප්‍රාය වෙන්නේ ජංගම දුරකථන ක්ෂේත්‍රයට අංක එකේ web app එක ගෙන ඒමයි ..

මේකේ තියන ගති'ගුණ ගැන ටිකක් අපි කතා කරමු දැන් 

Firefox OS එක තුල එදිනෙද අපි සම්ප්‍රදායිකව අපි භාවිතා කරන apps වැඩ කරන්නේ නෑ..firefox එක තුල වැඩ කරන හැම app එකක්ම HTML සහ Java Script එකකින් තමා ලියල තියෙන්නේ ..මේ හැම app එකක්ම ලියල තියෙන්නේ අන්තර්ජාල තාක්ෂණික ක්‍රමවේදයන් උපයෝගී කරගෙනයි ..

Mozilla සමාගමත් තමන්ගේ OS එකට වෙනම app නිකුත් කරනවා ,ඒවා Firefox Marketplace කියන එකේ තම එයාල පාරිභෝගිකයන්ට ලබාගන්න සලස්වන්නේ (හරියට google play වගේ )..

මෙන්න මේවා තම ඉතින් මේක ගැන දැනට දන්නා තොරතුරු ..තවත් දැනගත්තොත් අනිවා post එකකින් කියන්නම්කො ......






0 comments:

Post a Comment