Thursday, December 5, 2013

Filled Under:

Android Mobile Phones/Devices භාවිතා කරන පාරිබෝගිකයන්ට ඉතා වැදගත් විශේෂ සේවාවක් වන "Android Device Manager"



හොඳයි යාලුවනේ මේක තමා මම මගේ සයිට් එකට දාන පලවෙනි post එක.. ඉතින් මන්
හිතුව ගොඩක් අය දන්නා කියන ගොඩක් අය කතා කරන Android ගැන කියන්න ඕනේ කියල.Android device manager කියන්නේ Google ආයතනය විසින් Android පාරිබෝගිකයන්ට හඳුන්වා දුන් නවතම සේවාවක් ..මේක ඉතාමත් හොඳ සේවාවක් කියල කියන්න පුළුවන් ඒ වගේම නොමිලේ දෙන සේවාවක්

ඔයාලට කරන්නන තියෙන්නේ මෙතන click  කරලා Android Device Manager homepage එකට ගිහින් ගොස් ඔබේ Device එක ලියාපදිංචි කර තිබෙන Google ගිණුමෙන් Android Device Manager වෙබ් අඩවියට login වෙන එකයි. මේකෙන් පුළුවන් ඔයාලට ඔයාලගේ phone එක තියන තැන බලාගන්න.දැන් ඔයාල ඔයාගේ gmail ගිණුමට ලොග් වුන ගමන් ඔයාලට පෙන්නන්නේ ඔයාලගේ ෆෝන් එක තියන තැන.ඉතාමත් නිවැරදිම පෙන්නවා තියන රටේ සිතියමත් එක්කම ..

 ඒ වගේම ඔයාලගේ device එක රින්ග් කරන්නත් data wipe කරන්නත් මේ මගින් පුළුවන් . ඔබේ device එක තියෙන්නේ Silent කරලා වුනත් මේ මගින් ඔයාලට පුළුවන් device එක උපරිම ශබ්දයකින් ring කරන්නත්..ඔයාලටපෙනෙයි Ring කියල button එකක් තියනවා.එක click කරාම ෆෝන් එක ring වෙනවා..
කොහොමද වැඩේ හොඳයි නේද??
මගේ පලවෙනි post එකෙන්ම ඔයාලට යමක් අලුතෙන් දැනගන්න ලැබුණානම් මට ගොඩක් සතුටුයි ..
හරි යාලුවනේ අපි තවත් ලිපියකින් හමුවෙමු !! 





0 comments:

Post a Comment