Friday, December 6, 2013

FAT32 Format එක Files වලට කිසිම හානියක් නොවන පරිදි NTFS Format එකට හරවමුද ?????



හරි මේ post එකෙන් කියන්න යන්නේ FAT 32 Format එකේ තියන Hard එකක්,Pen එකක් වගේ device  කොහොමද NTFS Format එකට හරවන්නේ එහි ඇති Files වලට හානියක් නොවෙන විදිහට.හරි මේක simple වැඩක්..
කරලම බලමුකෝ එහෙනම් ..

  • My Computer ගිහින් FAT32 Format එකේ තියන device එකේ නම බලාගන්න ..
  • ඊට පස්සේ Start ගිහින් cmd කියල type කරලා Command Prompt එක open කරගන්න.මේ කිව්වේ windows 7,windows 8 සහ windows vista වල විදිහට.windows xp නම් run click කරලා cmd කියල type කරලා enter කරන්න.එතකොට හරි 
  • chkdsk h: /f මේ දීල තියන එක ඊට පස්සේ Command Prompt එකේ type කරලා enter කරන්න.මේකේ රතු පාටින් තියන h අකුර වෙනුවට ඔයාගේ drive එකේ letter එක type කරන්න,ඒ කිව්වේ my computer ගිහාම පෙන් එකක් එහෙම පෙන්නන්න අකුරක් තියනවනේ,අන්න එකට.හරි ඊට පස්සේ h අකුර වෙනුවට එක type කරන්න.මේකෙන් drive එක check කරලා එකේ දෝෂ (errors) තියනවනම් එක ඔටෝ fix කරනවා .. 
  •  ඊට පස්සේ මෙන්න මේක අයෙත් command prompt එකේ type කරන්න.(H අකුරව වෙනුවට ඔයාගේ drive එකේ අකුර ගහන්න මතක් කරලා )      Convert H: /FS:NTFS  .
  • හරි ඊට පස්සේ command prompt එක වැඩේ පටන් අරන් ටිකකින් කියයි conversion was successful කියල ...
හරි එච්චරයි කරන්න තියෙන්නේ වැඩේ ඉවරයි.වැඩේ හොඳයි නේද ????නැත්තම් ඉතින් මුළු device එකම format කරන්න එපැයි.

හැබැයි මේක වැඩ කරන්නේ Windows 7,8,vista,XP වලට විතරයි.ආ  තවත් දෙයක් ,අපි දැන් FAT32 ,NTFS වලට format එක මාරු කරාට NTFS ,FAT 32 කරන්න එහෙම නම් මේ විදිහෙන් කරන්න බෑ හරිද.


හරි එහෙනම් තවත් අලුත් දෙයක් අරන් එන්නම්





0 comments:

Post a Comment