Friday, December 6, 2013

DNS මගින් ඔයාලගේ Internet Connection එකේ Speed එක වැඩි කරගන්නේ මෙහෙමයි

DNS මගින් Internet Speed එක වැඩි කරගන්නේ කොහොමද කියල තම දැන් මම කියල දෙන්න යන්නේ ..

අපි මෙතැනදී කරන්න යන්නේ DNS එක වෙනස් කරලා google DNS එක දෙන එකයි.හොඳ DNS එකක් internet connection එකක වේගය වැඩි කරන්න උදවු වෙනවා,page එකක් load වෙනකොට සිදුවෙන  වැරදි (page loading errors) ඉවත් කරලා දානවා,downlaod speed වැඩි කරලා දෙනවා වගේ ගොඩක් ප්‍රයෝජන තියනවා ..

ඉස්සරලම කියන්නම් මේ DNS එකක් කියන්නේ මොකක්ද කියල.DNS කියන්නේ "Domain Name System " කියන එකටයි.DNS එකක් සාමාන්‍යයෙන් කරන දේ තමා host-name එකක් IP address එකකට පරිවර්තනය කරලා දෙනවා අන්තර්ජාලයේ තියන පරිගණක සහ වෙබ් සයිට්ස් හොයාගන්න..

උදාහරණයක් විදිහට Google,Facebook වගේ හැම වෙබ් සයිට් එකටම IP address එකක් තියනවා,computer servers මගින් මෙන්න මේ IP address එක තමා භාවිතා කරන්නේ අපිට ඕනේ වෙබ් සයිට් එක හොයාගන එක අපේ computer එකේ open කරලා දෙන්න ...  

හරි දැන් අපි කතා කරමු අපේ internet connection speed එක google DNS මගින් වැඩි කරගන්නා විදිහ ගැන

Speed Up Internet Connection Using Google Public DNS

 මෙහෙමයි කරන්නේ 

  •  control panel යන්න 

  •  Network and Sharing Center කියන එක click කරලා  select කරන්න Change adapter settings කියන එක . (Windows XP සඳහා මේ විදිහට කරන්න  Control Panel>>Network and Internet Connections හෝ  Network Connections)

  • මෙතැනදී ඔයාලට ඔයාලගේ connection එක තෝරාගන්න වෙනවා ,ඒ කිව්වේ wireless connection එකක්ද LAN connection එකක්ද කියන එක.ඔයාල භාවිතා කරන්නේ non wireless connectionඑකක් නම් "Local Area Connection" එක උඩ right click කරලා properties යන්න ,ඔයාල භාවිතා කරන්නේ wireless connection එකක් නම් "wireless network connection"  කියන එක උඩ right click කරලා properties යන්න ..
  •  එතකොට box එකක් open වෙයි.. එතැනදී ඔයාට පුළුවන් internet Protocol Version 4 (TCP/IPv4) හෝ Internet Protocol Version 6 (TCP/IPv6) කියන ඒවගේ setups වෙනස් කරගන්න...
  •  internet Protocol Version 4 (TCP/IPv4) වෙනස් කරගන්නා අය මෙහෙම කරන්න .
  • internet Protocol Version 4 (TCP/IPv4) කියන එක උඩ click කරලා යට ඇති   properties කියල එකක් ,එකට ගිහින් Use the following DNS server address කියන එක click කරන්න .එතන Adnaced කියල එකක් ඇති ,එකට ගිහින් DNS කියන ටැබ් එකට ගිහින් වෙන  IP address එකක් තියනව නම් එක අයින් කරලා දාන්න.එහෙම IP address එකක් නැත්තම් කෙලින්ම පහත පියවර අනුගමනය කරන්න.
  • දැන් එතන තියන Preferred DNS server හා Alternate DNS  server කියන තැන් වලට පිලිවෙලින් පහත IP address type කරන්න  
  • 8.8.8.8 සහ 8.8.4.4 .   
  • හරි දැන් Internet Protocol Version 6 (TCP/IPv6) කියන එක වෙනස් කරගන්නා අය අර කලින්  internet Protocol Version 4 (TCP/IPv4) වෙනස් කරද්දී කරපු පියවර ඔක්කොම කරලා අන්තිමට අපි අර enter කරපු IP address දෙක වෙනුවට Preferred DNS server කියන එකට 2001:4860:4860::8888 IP address එකද Alternate DNS  server කියන එකට 2001:4860:4860::8844 IP address එකද ඇතුලත් කරන්න 
     


    හරි එහෙනම් ඔන්න දැන් වැඩේ ඉවරයි.දැන් බලන්න speed එකේ වෙනසක් තියනවද කියල .. 
Google DNS භාවිතා කරන විටදී ලැබෙන වාසි
  • internet connection එක වේගවත් වීම 
  • Spam Filter කිරීම මගින් virus අවදානම අඩු වීම 
  • ඉතා හොඳ ආරක්ෂාවක් ලබා දීම 
  • හොඳ ක්‍රියාකාරිත්වය හා කාර්යක්ෂම අන්තර්ජාල සෙවීම 
  • Page load වෙනකොට ඇතිවන ගැටළු මග හැරිම
වැඩක් ඇති දෙයක් මේකෙන් ඉගන ගත්තනම් comment එකක් දාලම යන්න .. :D




0 comments:

Post a Comment