Saturday, December 7, 2013

Filled Under:

Blog වෙබ් අඩවි පවත්වාගන යන අයට ඉතා විශේෂ ලිපියක්!!!!!!!!!!!!!!!



හරි යාලුවනේ මේක නම් බ්ලොග් කරන අයට ගොඩක් වැදගත් ලිපියක් .මම මේකෙදි කතා කරන්න යන්නේ ඔයාලගේ බ්ලොග් data කොහොමද backup කරන්නේ කියල ..

මොනවහරි හේතුවකට ඔයාට ඔයාගේ බ්ලොග් එක නැති වුනා කියමුකෝ ,එතකොට එකේ තිබ්බ post ඔක්කොම ටිකත් ඉවරයිනේ ,අයෙත්  බ්ලොග් එකක් කරනකොට ඒවා ඔක්කොම මුල ඉඳන් සකස් කරන්න ගියොත් ඉතින් blogging එපා වෙනවනේ ..
ඒ වගේම බ්ලොග් එක hack වුනොත් ඒ වගේම template මාරු කරද්දී,වෙනස් කරද්දී  codes වෙනස් වෙන්න පුළුවන්  එහෙම වෙලා post delete වෙන්න පුළුවන් ,ඔහොම එක එක ක්‍රම නිසා අපේ බ්ලොග් එකේ තියන දත්ත නැති වුනොත් කරන්න දෙයක් නෙනේ ..

ඒ නිසා හැම blog අයිතිකරයෙක්ම බ්ලොග් එක backup කරන එක ගැන විශේෂ අවදානයක් ගන්න ඕනේ..මාත් blog එක backup නොකර ඉඳලා හොඳ හොඳ කට්ටවල් කාල තියනවා.. :D

මේකනම් එච්චර අමාරු වැඩක් නෙමෙයි..වැඩේ කරන්නේ මෙහෙමයි


  •  ඔයාලගේ බ්ලොග් එකේ dash board එකට ඇවිල්ල template යන්න .
  • ඊට පස්සේ එන page එකේ දකුණු පැත්තේ උඩම ඇති Backup/Restore කියල ..එක click කරන්න ..
  • එතකොට box එකක් open වෙයි ,එකේ download කියන එක click කරන්න .




හරි දැන් ඔයාගේ බ්ලොග් එකේ template එක download වුනා


  • ඊළඟට යන්න Settings කියන එකට ,එකට ගිහින් others කියන එකට යන්න  
  • එතකොට එන page එකේ උඩම ඇති blog tools කියල,එතන ඇති export blog කියලා,ඒක click කරන්න 
  • ඊට පස්සේ එනවා box එකක්,එකෙන් download blog කියන එක click කරන්න 

හරි දැන් ඔයාලගේ බ්ලොග් එකේ ඔයාල දාපු post ඔක්කොම ටිකත් download වුනා..


හරි මම ඒ කිව්වේ පලවෙනි ක්‍රමය ..දැන් කියන්නම් මේක කරන්න පුළුවන් තවත් ක්‍රමයක් ගැන

  •  ඉස්සරලම යන්න google dashboard එකට ..මෙතන click කරලා එකට යන්න පුළුවන් ඔයාලට      Click Here 
  • ඊට පස්සේ email ගිණුමට ලොග් වෙන්න අහයි ,එකට ලොග් වෙන්න..
  • ඊට පස්සේ එතන ඇති download your data කියල,එක click කරන්න ..
  • ඊට පස්සේ click කරන්න create an archive කියන එක 
  • එතකොට එයි  google products ගොඩක් තියන list එකක් ,එකෙන් අනිත් ඒවා ඔක්කොම අයින් කරලා blogger කියන එක විතරක් select කරන්න .click කරලා අයෙත් උඩ තියන create an archive button එක click කරන්න 




  • ඊට පස්සේ archive එක create වෙනවා ඔයාලට පේයි. 
  • එක click කරන්න ,එතකොට ඔයාලට අයෙත් email ගිණුමට log වෙන්න කියයි ,user name ,password දීල ලොග් වුන ගමන්  blog එකේ data ඔක්කොම download වෙයි 
වැඩේ ඉවරයි :) 
දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනේ ..අපි අලුතෙන් post දාන හින්ද සතියකට සැරයක්වත් මෙහෙම post ටික download කරගන්න 






0 comments:

Post a Comment