Sunday, February 16, 2014

Filled Under:

කාටත් හොරෙන්ම ඔයාලගේ බ්ලොග් එකත් google එකෙන් delete කරාද???



බ්ලොග් එකක් අහිමි වුන ඒ අවාසනාවන්ත අත්දැකීමක් ඔයාලටත් හම්බෙලා තියනවද??? මට නම් දෙපාරක්ම හම්බුනා.google එපා වුන එදානම්.ඔහොම වෙන්න මොකක්හරි හේතුවක් තියෙන්නේ එපැයි නේද? මම කලින් ලිපියකත් කිව්වා මගේ බ්ලොග් දෙකකට වුන වැඩේ ගැන.ඒ ලිපියත් ගොඩක් වැදගත් එකක්.බ්ලොග් එකක් backup කරන්නේ කොහොමද කියල තියෙන්නේ.අයෙත් ඒක බලන්න ඕනේ අය ඉන්නවනම් මෙතනින් යන්න.

මගේ බ්ලොග් 2ක්ම මට නැති වුනෑ කිව්වනේ.google එකෙන් ඒකට දුන්න උත්තරේ තමයි මගේ බ්ලොග් එකේ spam තියනවා කියන එක.මම ඒ blog 2ටම ලින්ක් වගයක් දැම්ම,මම හිතුවේ ඒවගේ spam තියෙන්න ඇති කියල.මම ඒවා ගැන කිව්ව මේ ලිපියේ   මම ඔයාලට කිව්වෙත් එහෙමයි.

ඒ කාලේ ඒවා ගැන වැඩිය දැනුමක් නෑ.එත් මට හිතුන ඇත්තටම ඇයි මගේ බ්ලොග් 2ම delete වුනේ කියල හරියටම හොයල බලන්න.එතකොට තමා තේරුනේ මගේ බ්ලොග් 2ම delete වෙන්න හේතුව spam නෙමෙයි.ඒක මම වැඩි හොඳට කරන්න ගිය වැඩක් නිසා වුන දෙයක්.ඒක ගැන මම ලිපියේ ඉස්සරහට කියන්නම්කො..

Google එකෙන් බ්ලොග් එකක් Delete කරන්න හේතු මොනවද???

1)  අනිත් අයගේ බ්ලොග් වලින් කොපි කිරීම

බ්ලොග් කරන ගොඩක් අයට තියන ප්‍රධාන ප්‍රශ්නයක්නේ මේ අනුන්ගේ පෝස්ට් කොපි කිරිල්ල.එහෙම කරලා අහු වුනොත් ඔයාලට පුළුවන් google එකට complain එකක් දාන්න.එතකොට google එකෙන් ඒ අපේ post කොපි කරපු කෙනාගේ ඒ පෝස්ට් එකම හෝ මුළු බ්ලොග් එකම delete කරලා දානවා.

මගේ බ්ලොග් එකේ ලිපි බාගෙකට වඩා කොපි කරපු කෙනෙක් ගැන මම කලින් ලිපියක කිව්වා ඔයාලට.ඔන්න මටත් තිබ්බ එහෙනම් එයා ගැන complain එකක් කරන්න google එකට.එත් මම එහෙම කරේ නෑ අපි හැමෝම මිනිස්සුනේ කියල හිතල.එත් ඔයාලනම් එහෙම වැඩක් කවදාවත්ම කරන්න එපා.

2) එක දිගට සිමාව පනින තෙක්ම බ්ලොග් එකට ලිපි ලිවීම.

මේක දැක්කම නම් ඔයාලට මේ මොකක්ද මේ කිව්වේ කියල හිතෙයි නේද??? මටත් හිතුන.ඔන්න එහෙනම් අහගන්න මගේ බ්ලොග් 2ක්ම දවස් 2කදි delete වෙලා යන්න හේතුව!!

එක තමා සිමාව පනවා බ්ලොග් එකට ලිපි ලිවීම.ඒක පුදුම කතාවක් නේද??අපේ බ්ලොග් එකට බැරිද අපිට ඕනේ විදිහට ලිපි පල කරන්න??? පුළුවන්.එත් සීමාවක් තියනවා.ඒක තමා දවසකට බ්ලොග් එකට ලිපි උපරිම වශයෙන් 15-20 අතර ප්‍රමාණයක වඩා නම් දාන්න එපා.මගේ බ්ලොග් 2ක් delete වුනා.එකට හේතුව තමා,මම දවසක් ඇතුලත පලවෙනි බ්ලොග් එකට පෝස්ට් 20ක් දැම්ම.එක delete වුනා.අයෙත් එකක් හදල ඒ පෝස්ට් 20ම අයෙත් දැම්ම.එකත් delete වුනා. ඔන්න ඕකයි මට වුනේ

එහෙම වෙන්න හේතුව තමා දවසකට ලිපි 20කට වඩා දානකොට මේක BOT එකක් කියල detect කරනවා google එකෙන්.ඊට පස්සේ බ්ලොග් ඒක delete කරලා දානවා.ඒක නිසා දවසකට බ්ලොග් ලිපි 20කට අඩුවෙන්ම දාන්න මතක තියාගන්න.

3) Blog Post Editor එකේ පොඩි වෙලාවක් පමණක් ගත කිරීම.

සමහර අය blog ලිපි ලියනවා MS Word open කරලා එකේ ලිපිය type කරලා ඉවර වෙලා මුළු ලිපියම එක සැරේට කොපි කරලා බ්ලොග් පෝස්ට් editor එකට paste කරලා දානවා. ඔයාල මේ ක්‍රියාවලිය දිගින් දිගටම කරගන යනකොට google එකෙන් ඔයාලගේ blog එක BOT එකකින් වැඩ කරන විදිහට හඳුනාගෙන delete කරලා දානවා.

මේකෙන් ගන්න දෙයක් තියනවා.මේකෙන් කියන්නේ Bot එකක් භාවිතය හැමවෙලාවෙම risk එකක්,ඒ කිව්වේ අවධානමක් ගැනීමක්.
ඔයාලට මේ ප්‍රශ්නෙන් ගැලවෙන්න භාවිත කරන්න පුළුවන් Google Input Tools.අපි සිංග්ලිෂ් වලින් type කරාම English වලින් type වෙනවා.මේක නිසා සිංහල type කරන එක හරිම ලේසි.

Google Input tools ඕනේ අය මෙතනින් ගිහින් එය බාගන්න.

4) Copyright Infringement-ප්‍රකාශන හිමිකම කඩ කිරීම

මේකටත් අර පලවෙනි කරුණ වගේ තමා.තව කෙනෙක්ගේ දෙයක් අවසරයක් නැතුව උපුටා ගැනීම නිසා blog එක delete වෙන්න ඉඩකඩ තියනවා.images වගේ දේවල් අනුන්ගෙන් අරන් තමන්ගේ වගේ දාන එක වගේ එකක් උදාහරණයකට ගන්න පුළුවන්.

ඔයාල එහෙම image එකක් ගන්නවානම්,යටින් දාන්න image source කියල,දාල ඒ image එක ගත්ත වෙබ් සයිට් එකේ ලින්ක් එක දාන්න.එතකොට හරි.

5) බ්ලොග් එකේ නීති විරෝධී බාගත කිරීම් ලබා දීම.

ඔයාලගේ බ්ලොග් එකේ නීති විරෝධී software,media downloads දෙන එකත් බ්ලොග් එකක් delete වෙන්න එක හේතුවක් විදිහට google එකෙන් හඳුන්වා දීල තියනවා.

6) Hacking වලට අනුබල දීම හා ඒවාට උපයෝගී වන tools ලබා ගැනීමට ලින්ක් සැපයීම.

hacking කියන්නේ ලෝකේ මොන රටෙත් නීති විරෝධී දෙයක්.මේවාට උදව් කිරීමත් තහනම්.ඒවාට දඬුවම් තියනව.මේකත් බ්ලොග් එකක් delete කරන්න නම් එක හේතුවක් කියල google එකෙන් කියල තියනවා,google විතරක් නෙමෙයි කොහෙත් මේක නම් නීති විරෝධී.

එත් මම දැකල තියනවා hacking ගැන තියන බ්ලොග් තියනවා ඕනේ තරම්.එත් ඒවගේ පැවැත්ම ගැනනම් මම හොයල බලල නෑ.

ඔන්න ඕව තම ඉතින් හේතු ටිකක් blog එකක් delete වෙන්න.තව හේතු නම් ගොඩක් ඇති.එත් ටිකක් වැඩිපුරම සිදු වෙන ඒවගෙන් ටිකක් තමා මම හොයල ඔයාලට කිව්වේ.මේකන් ඔයාලට දෙයක් ලබා ගන්න පුළුවන් වුනා නම් comment එකක් දාල පොඩි  support එකක් දීල යන්න මට.




0 comments:

Post a Comment