Google Chrome කියන්නේ අන්තර්ජාල භාවිත කරන්නන් අතරින් වැඩිම දෙනෙක් භාවිත කරන web browser එක.මේකේ තියනවා එක එක පහසුකම් (features) අපිට වැදගත් වන.ඒවගේ features වලින් එකක් තමි forms auto fill කරලා දෙන option එක.ඒ කියන්නේ email account එකක register වෙද්දී එන sign up form එක,වෙබ් සයිට් එකක register වෙද්දී එන form එක වගේ එක එක forms වර්ග මේකෙන් නිකන්ම fill කරලා දෙනවා මේ feature එක සක්‍රිය (active) කරගත්තම.
මම සාමාන්‍යයෙන් chrome වලට අමතරව firefox web browser එකත් භාවිතා කරනවා.එත් chrome එකට මේ feature එක active කරගන ඉන්නේ.මම chrome එකෙන් ගිහින් register වෙන සයිට්ස් වලට ඔක්කොම ඇත්ත විස්තර දෙනවා.firefox එකෙන් register වෙන සයිට්ස් වලට බොරු විස්තර දෙනවා :D
අන්න එක නිසාම මට හැම වෙලාවෙම form පුරවා පුරවා ඉන්න ගිහාම එපා වෙන නිසා මේ feature එක භාවිත කරලා auto fill කරගන්නවා.එක මට ලොකු වාසියක්.ඒ වගේම ඔයාලටත් එක ලොකු පහසුවක් වෙයි.
හරි මේක කරන හැටි බලන්න දැන්.
ඉස්සරලම chrome settings යන්න
ඊට පස්සේ advanced settings click කරන්න.
ඊට පස්සසේ මේ advanced settings යටතේ ඇති "password and forms" කියල එකක්.ඊට යටින් ඇති "Enable Auto fill to fill out web forms in a single click" කියල එකක් .එක කෙලින් ඇති කොටුව click කරලා එක enable කරන්න.ඊට පස්සේ එතනම තියන "Manage auto fill settings click" කරන්න"
එතකොට dialog box එකක් open වෙයි "auto fill settings" කියල. එකේ ඇති "Address" කියල එකකුයි "Credit Card" කියල එකකුයි.address කියන එකට යටින් තියනවා "add new street address" කියල එකක්.එක click කරන්න.
එතකොට dialog box එකක් open වෙලා ඔයාලගේ address එක,නම,දුරකථන අංකය වගේ තොරතුරු අහයි.ඒවා පුරවල ok කරලා දාන්න.ඒ වගේම credit card කියන එකටත් යටින් ඇති add new credit card click කරලා අහන තොරතුරු පුරවල ok කරලා දාන්න.
ඔන්න එහෙනම් තවත් අලුත් දෙයක් දුන්න,බලල කියවල comment එකකුත් දාලම යන්නකෝ.