Tuesday, February 11, 2014

Filled Under:

බ්ලොග් පොස්ට් එකක් Automatically බ්ලොග් එකට post වෙන්න හදාගමුද????



හරි ඔන්න මම අද තවත් පොඩි වැඩක් ඔයාලට කියල දෙන්න යන්නේ.

blog post එකක් අපිට කැමති වෙලාවක post වෙන්න හදාගන්න ක්‍රමයක් දන්නවද ඔයාල??දන්න අයත් ඇති මේක නම්.මේක ඒ තරම්ම ලේසි.ඔන්න ඔයාලට පුළුවන් blog post 10ක් විතර එක දිගට ලියල එක post එකක් එක දවසකට post වෙන විදිහට වුනත් හදල දාන්න.

මම එහෙම කිව්වේ මට blog එකට post දාන්න බැරි වෙන දවස් ඉස්සරහට තියනවා කියල දැනගත්තම මම කරන්නෙත් post 5ක් 6ක් කලින් දවස් 2ක් 3ක් අරන් ලියල දවසින් දවස එක post එකක් පල වෙන විදිහට හදල තියනවා.එතකොට මගේ blog එක හැමදාම update වෙනවනේ කොහොමහරි.හොඳයි නේද වැඩේ???

ඔන්න එහෙනම් මේක කරන හැටිත් කියන්නම්කො.

ඉස්සරලම වෙනද වගේ blogger dashboard එකට ගිහින් new post එකක් click කරලා අලුත් post එකක් ලියන්න පටන් ගන්න.දැන් ඉතින් post එක ලියල ඉවර කරන්නකෝ.එහෙම නැත්තම් post එක ලියන්න කලින් වුනත් මේක කරන්න පුළුවන්.

දැන් ඔයාල බලන්න new post කියනේ එක click කරාම page එකේ දකුණු පැත්තේ තියනවා post settings කියල එකක්.එක යටතේ ඇති Schedule කියල එකක්.එක click කරන්න.එතකොට එකේ options 2ක් ඇති.ඒ කියන්නේ තෝරාගැනීම් 2ක් තියනවා.එකක් Automatic අනිත් එක Set date and time.එකෙන් දැන් select වෙලා ඇත්තේ Automatic කියන එක.




ඔයාල දැන් select කරන්න Set date and time කියන එක.(උඩ රූපේ බලන්න එතකොට තවත් හොඳට හොයාගන්න පුළුවන් මේක) ඊට පස්සේ ඔයාලගේ post එක පලවෙන්න ඕනේ දිනෙයි වෙලාවයි කැමති විදිහට හදාගන "Done" කියන එක click කරන්න.දැන් වැඩේ ඉවරයි.ගානට ඔයාලට ඕනේ දවසට post එක පල වෙයි නිකන්ම.





0 comments:

Post a Comment