Saturday, February 15, 2014

Filled Under:

බ්ලොග් පෝස්ට් එකකට "Scroll Box" එකක් දාගන්නේ මෙහෙමයි.


ඔන්න මම තවත් අලුත් ලිපියකින් ඔයාලට වැදගත් දෙයක් කියන්න යන්නේ.මේක ගොඩක් වැදගත් වෙන්නේ බ්ලොග් ගැන ලිපි ලියන අයට තමා.

ඔයාල දැකල ඇතිනේ නේද මේ scroll box දාල තියන ලිපි.මේවා ගොඩක් වෙලාවට භාවිත කරන්නේ HTML,Java Script කේතයන් එහෙම type කරද්දී.මොකද සමහර html කේත තියනවා ගොඩක් දිගයි.ඒවා බ්ලොග් post එකේ නිකන්ම paste කරොත් වෙන්නේ බලන කෙනාට එපා වෙන තරම් බ්ලොග් ලිපිය දිග වැඩි වෙන එකයි.එකට තමා අපි මේ scroll box කියන උපක්‍රමය යොදා ගන්නේ.

ඔයාලට මේක ගැන තවත් හොඳට දැනගන්න පුළුවන් මම මේ යට දාල තියන scroll box එකක් බලල.
Scroll box එක ඇතුලේ මම මෙන්න මේවා ටික තමා දාල තියෙන්නේ.

 "Xnetsky.blogspot.com. Gather the latest technology with lots of another features including free software downloads"




තෙරුනානේ නේද වැඩේ??මේක ගොඩක් වැදගත් කියල තේරෙනවනේ එතකොට ඉතින්.දැන් බලමු මේක කරන හැටි.

මේක කරන්නේ මෙහෙමයි.ඔයාල අලුත් ලිපියක් ලියන්න පටන් ගන්නවනේ.ඊට පස්සේ ඔයාලට scroll box එක දාන්න ඕනේ තැන තීරණය කරලා උඩ තියන HTML කියන එක select කරන්න.ඊට පස්සේ මම යට දීල තියන කේතය ඔයාලට scroll box එක දාගන්න ඕනේ තැනට ගිහින් paste කරන්න.ඊට පස්සේ එකේ තියන "enter your text here" කියන තැනට ඔයාලට දාන්න ඕනේ html කේත ටික හරි,ඔයාලට ඕනේ එකක් type කරන්න.දැන් අපහු compose click කරලා බලන්න දැන් ගානට scroll box එකක් ඇවිල්ල ඇති ඉස්සර වගේ දිගම දිගට තිබ්බ post එක දැන් short & sweet වෙලා පෙයි. :D


(හැබැයි යාලුවනේ මේ පහල කේතය ඔයාලට copy කරන්න විදිහක් නම් නෑ මොකද මම මගේ බ්ලොග් එකේ ඒ පහසුකම අයින් කර මගේ බ්ලොග් පෝස්ට් හොරකම් කරපු නිසා,ඔයාලට මේ කේතය type කරලා තමා ගන්න වෙන්නේ,මේක එච්චර දිග එකක් නෙමෙයි type කරගන්න පුළුවන් ඔයාලට ලේසියෙන්ම,සිදුවන අපහසුතාවයට කණගාටුයි යාලුවනේ.මම මේ කේතය scroll box එකකට දාල ඔයාලට දෙන්න හැදුවේ.මොකද scroll box එකකට දැම්මොත් copy කරන්න පුළුවන් මම function එක disable කරලා තිබුනත්,එත් එහෙම කරන්න බෑ එක error එකක්)


<textarea cols="50" name="myTextBox" rows="5" style=:background-color: #979999; border: 3px solid #000000; color: white height: 172px; width: 625px;">enter your text here</textarea>

එච්චරයි කරන්න තියෙන්නේ.මේක බලල comment එකකුත් දාල ප්‍රශ්න තියනවනම් ඒවත් කියලම යන්න අමතක කරන්න එපා යාලුවනේ.





0 comments:

Post a Comment