Saturday, February 15, 2014

එකම Network එකක ඉන්න අනිත් අයගේ Internet සම්බන්ධතාව කපල දන්නෙ කොහොමද???





Campus එකේදී office එකේදී තමන් වැඩ කරන තැනදී අපි එකම network එකකින් ගොඩක් අය internet යනවනේ.එතකොට වෙන්නේ ඉතින් download speed එක අඩු වෙන එක තමයි.download එකක් කරන්න ගිහාම එපා වෙනවනේ ඉතින් slow වෙන හින්ද.එකට ඔන්න නියම විසඳුමක් ගේනවා මම.මේ ලිපියෙන් කියල දෙන්න යන්නේ අනිත් අයගේ internet connection එක කපල දාල තනියම අපි විතරක් internet යන්නේ කොහොමද කියන එකයි.පොඩ්ඩක් ආත්මාර්ථකාමී වෙන්න වෙනවා ඉතින්. :D එතකොට ඔයාලට ගොඩක් වැඩි speed එකකින් download එකක් එහෙම කරගන්න පුළුවන් වෙයි.

මේක කරන එක simple වැඩක්.පොඩි software එකක් ඕනේ කරනවා.එක මෙතනින් බාගන්න.

ඊට පස්සේ install කරන්න..ඊට පස්සේ software එක run කරන්න.එතකොට ඒක ඉබේම ඔයාගේ network එකේ ඉන්න අයගේ IP address search කරලා පෙන්නනවා ඔයාගේ එකත් ඇතුළුව.ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාගේ IP address එකයි ඔයාලගේ router IP address එකයි නැතුව ඔයාට ඕනේ IP එක select කරලා උඩ තියන "cut off" කියන button එක click කරන එක.Resume button එක click කරාම අයෙත් එයාට internet connection එක ලැබෙනවා.

ඔයාල දන්නෙ නැත්තම් ඔයාලගේ IP address එකයි Router IP address එකයි හොයාගන්න පහත ක්‍රමය අනුගමනය කරන්න.(IP address එකනම් මිට වඩා ලේසියෙන් හොයාගන්න පුළුවන් google එකේ whatismyip කියල type කරලා බැලුවනම්)

Command Prompt එක open කරලා මෙන්න මේක "ipconfig" type කරලා enter කරන්න.එතකොට මම පහල රුපයේ පෙන්නලා තියන විදිහට එයි.


ඔන්න ඔකේ තියනවා ඔයාලට ඕනේ IP එකයි Router IP එකයි.රතු පාටින් කොටු කරලා තියෙන්නේ ඒවා තමා.

පහල තියනවා software එක run වෙනකොට ගත්ත screenshot එකක්.එකෙත් මම රතු පාටින් කොටු කරලා තියෙන්නේ මගේ IP address එකයි Router IP address එකයි..මේකේ හැටියටනම් මට මේ software එකේ යටම පෙන්නන IP එක අයිති කෙනාගේ internet connection එක නැති කරලා දාන පුළුවන්..




හරි එච්චරයි කියන්න තියෙන්නේ.comment එකකින් සහයෝගයක් දීලම යන්න අමතක කරන්න එපා.




0 comments:

Post a Comment