Saturday, February 8, 2014

Call Of Duty 4 (Modern War Fare) Server එකක් හදාගන්න කැමතිද?????


post එකක් දාන්න බැරි වුනා ගොඩක් දවසකින්.අද ටිකක් වෙනස් විදිහේ දෙයක් කියන්න කියල හිතුවේ.
Call Of Duty කිව්වම දන්නැති කෙනෙක් නෑනේ.army games වලින් අපි අතරේ වැඩියෙන්ම ජනප්‍රිය Call Of Duty game එකනේ.Call Of Duty multi player සෙල්ලම් කරන අය ගොඩක් ඉන්නව.ඒ වෙනත් කාගෙහරි server එකක්නේ.ගොඩක් වෙලාවට වෙන රටක server එකක්.ලංකාවේ මම දන්න තරමින් මහා ලොකු servers ගොඩක් නෑ.එත් ජනප්‍රිය ඒවා ටිකක් තියනවා.
හරි අද මම කියන්න යන්නේ Call Of Duty 4 server එකක් හදාගන්නේ කොහොමද කියල.එතකොට ඔයාලට ඔයාලගේ යාලුවෝ එක්ක වුනත් වෙනම game එක සෙල්ලම් කරන්න පුළුවන්.

ඉස්සරලම game එක install කරගන crack file එහෙම copy කරලා ඉවර වෙලා game එක open කරන්න.ඒ කිව්වේ multiplayer එක හරිද.single player නෙමෙයි.



දැන් උඩ තියන රූපේ වගේ ඔයාලට පෙන්වයි.එකේ දකුණු පැත්තේ යටම හරියේ අංකයක් තියනවා ඔයාලට පේනවනේ.අන්න ඒ අංකය 1.7 හෝ ඊට වැඩ වැඩි වෙන්න ඕනේ.අඩුවෙන් තියනවනම් ඔයාලට ඒ patch file එක download කරගන්න වෙනවා.
අපිට ඕනේ කරන්නේ 1.7 patch එක.එත් 1.7 patch එක දාන්න කලින් 1.6 patch එක දාල ඉන්න ඕනේ.
ඒවා මෙතනින් download කරගන්න.

1.6 Patch 

1.7 Patch

හරි patch file එකත් දාගත්තට පස්සේ කරන ටික දැන් බලමු.

Hosting your own Call of Duty 4 Modern Warfare 1 Server free Using Hamachi
hamachi මෘදුකාංගය මගින් COD 4 server එකක් හදාගැනීම.


  • අපිට මේකෙදි ඕනේ වෙනවා hamachi කියන software එක.එක මෙතනින් download කරගන්න.
  • ඊට පස්සේ software එක install කරගන එකෙන් network එකක් හදාගන්න ඕනේ.ඒක පොඩි වැඩක් ලොකුයි වගේ හිතුනට.



hamachi software එක open කරහම මෙන්න මේ උඩ තියන රූපේ විදිහට තමා පෙන්නන්නේ. එකේ මම නිල් පාටින් කොටු කරපු තැන click කරන්න.කරලා "create a new network" කියන එක click කරන්න.ඊට පස්සේ ඔයාලට ඕනේ විදිහට network එකට නමක් දාල password ඕනෙ නම් එකත් දාල ok කරන්න.
දැන් network එක හදල ඉවරයි.
  • දැන් මෙන්න මේ file එක මෙතනින් download කරගන්න.
  • හරි දැන් එක open කරගන්න notepad එකෙන්.
  • දැන් ඔයාලට උඩ රූපේ විදිහට file එක open වුනාම පෙන්නයි.එකේ මම ඊතල දාලා තියන තැන් ටිකක් තියනවනේ.ඒවගේ ### ලකුණු වෙනුවට ඔයාලට කැමති විදිහට ඒවා පුරවන්න.
  • එත් වැදගත්ම දේ තමා මම අන්තිමට යටින් ඊතලේ ගහල තියන තැන බලන්න.එතන තියන /set net_ip කියන තැනට ඔයාල දාන්න ඕනේ ඔයාලගේ hamachi IP එක.එක හොයාගන්නේ මෙහෙමයි.hamachi software එක open කරාම උඩින්ම පෙන්නනවා IP එකක්.අන්න ඒක තමා hamachi IP එක.කලින් මම දැම්ම hamachi software එකේ රූපේ බලන්න එකෙත් පේනවා එක.
  • හරි දැන් දැන් මේ file එක save කරන්න තියන නමින්ම.වෙන මොනවත් වෙනස් කරන්න එපා.
  • ඊට පස්සේ මේ file එක copy කරගන ගිහින් ඔයාලගේ COD 4 install කරපු තැන paste කරන්න.
  • දැන් මෙන්න මේ file එක iw3mpHAMACHI 1.7 download කරන්න.
  • දැන් ඒ download කරගත්ත iw3mpHAMACHI 1.7 file  එක ඔයාලගේ COD 4 install වුන තැනට paste කරන්න.
  • දැන් ඒ file එක double click කරන්න.එතකොට COD  4 multiplayer game එක open වෙයි.
  • දැන් Start New Server කියන එක click කරන්න.
  • ඊට පස්සේ එකේ තියන දේවල් ඔයාට කැමති විදිහට හදාගන්න පුළුවන්.ඒ කිව්වේ players ගාන,map එක වගේ දේවල්.එත් මෙන්න මේ ටික මේ විදිහටම කරන්න.                         ඒකේ ඇති Dedicated කියල එකක්.එකට No දෙන්න.Punk Buster එකටත් No දෙන්න.(පහල රුපය බලන්න.)


  • හරි දැන් Start click කරන්න.දැන් server එක හදල ඉවරයි.
  • ඔයාලට මතකනේ මම iw3mpHAMACHI 1.7 කියන file එක බාගන එක cod 4 install වුන තැනට paste කරන්න කිව්වා.ඔයාලත් එක්ක මේ game එක play කරන යාළුවොත් මේ file එක බාගන එයාලගේ cod 4 install වුන තැනට paste කරන්න ඕනේ.ඔයාල මේ server එකෙන් game එක සෙල්ලම් කරන්න යන හැම වෙලාවකම iw3mpHAMACHI 1.7 icon එක click කරල තමා play කරන්න යන්න ඕනේ.(Cod 4 multiplayer එක නෙමෙයි)
  • අනිත් වැදගත් කරුණ තමයි ඔයාල මෙහෙම server එකෙන් game එක play කරන්න කලින් hamachi software එකෙන් ඔයා හදාගත්ත network එකට අනිත් යාලුවෝ connect වෙලා ඉන්න ඕනේ.network එකකට connect වෙන්නේ පහල රූපේ තියන මම රවුම් කරපු තැන click කරලා join an existing network කියන එක click කරලා,network එකේ නමයි password එකයි type කරලා join වෙන්න.එච්චරයි.(ඔයා හැදුව network එකේ නමයි password එකයි යාලුවොන්ට දෙන්න)



  • හරි අන්තිමට කියන්න තියෙන්නේ මේ server එකට connect වෙන විදිහ ගැන.දැන් hamachi software එකෙන් network එකට connect වෙලා  iw3mpHAMACHI 1.7 click කරලා game එක open කරගන්න.ඊට පස්සේ command console එක open කරලා Connect (ඔයාගේ Hamachi IP address එක type කරන්න මේ වරහන් නැතුව) 
  • command console එක open කරන්න දන්නෙ නැත්තම් එකත් කියන්නම්.key board එකේ Tab කියන key එකට උඩින් තියන("1" key එකට වම් පැත්තෙන් තියන) මෙන්න මේ සලකුණ "~" ලකුණු කරලා තියන 'key එක ඔබන්න.ඊට පස්සේ අර කලින් කිව්ව විදිහට type කරන්න.
  • සමහරවිට ඔයාලගේ game එකේ command console එක disable කරලා ඇති.game options ගිහින් එක enable කරගන්න.

හරි එහෙනම් ඔන්න COD 4 server එක හදන හැටි කියල ඉවරයි.එත් මෙහෙම server එකක් මිට වඩා ලේසියෙන් හදන විදිහකුත් තියනවා.එත් එක තාවකාලිකයි.ඒවා ටික ගැන මම ඊළඟ post එකේ කියන්නම්කො.




0 comments:

Post a Comment