Monday, February 10, 2014

Filled Under:

blog post එකකට කොහොමද Table (වගුවක්) දාගන්නේ???


blog post එකකට වගුවක් දාගන්න හැටි තමයි මම මේ post එකෙන් අද ඔයාලට කියල දෙන්න යන්නේ.
මේකත් පොඩි වැඩක්.ඔයාලට ඕනේ වෙනවා මේකට microsoft word.


  • ඉස්සරලම word open කරගන්න.
  • ඊට පස්සේ ඔයාල ඔයාලට ඕනේ විදිහේ table එක word මගින් හදාගන්න ඕනේ. Insert ගිහින් table ගිහින් ඔයාලට අවශ්‍ය වන විදිහට පේලි තීර ගනම් දාගන table එක insert කරගන්න.
  • ඊට පස්සේ table එක ඇතුලේ ලියන්න තියන ඒවත් ඔක්කොම දැන් එකේ ලියන්න.
  • ඊට පස්සේ ඉතින් table එකට design එකක් ඕනෙනම් design select කරලා අවශ්‍ය පරිදි design එකකුත් දාගන්න පුළුවන්. මේ විදිහට table එකේ ඔයාලට ඕනේ වෙනස්කම් තියනවනම් ඒවා ඔක්කොම වෙනස් කරගන ඔයාලට ඕනේ විදිහට හදාගන්න කිසිම ප්‍රශ්නයක් නෑ. 
  • ඊට පස්සේ මේ word file එක save කරගන්න ඕනේ.file ගිහින් save as යන්න.එතකොට dialog box එකක් එනවනේ.එකට save කරන්න ඕනේ නම ඔයාලට ඕනේ එකක් දෙන්න.ඊට පස්සේ මේක තමා වැදගත්ම දේ...දැන් ඔය dialog box එකේ file name එක දුන්න තැනට යටින් තියනවනේ save as type කියල එකක්.අන්න ඒක click කරලා ඔයාල select කරන්න "web page filtered" කියන එක.
  • දැන් හරි,file එක ඔයාලට කැමති තැනකට save කරන්න.
  • දැන් microsoft word close කරලා අර file එක save වුන තැනට ගිහින් ඒ file එක notepad එකෙන් open කරන්න.
  • එතකොට ඔයාල හැදුව table එකට HTML coding ටික තමා පෙන්නේ.ඒවා ටික ඔක්කොම copy කරන්න.
  • ඊට පස්සේ යන්න ඔයාලගේ blog එකේ dashboard  එකට.ගිහින් new post එකක් ලියන්න පටන් ගන්න.
  • දැන් ඔයාලට පහත රුපයේ වගේනේ පෙන්නේ.දැන් ඔයාල select කරන්න ඕනේ HTML කියන එක.පහත රුපයේ මම එක වෙනම පෙන්නලා තියනවා.






  • දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාල අර copy කරගත්ත HTML codes ටික එකේ paste කරන එක.
  • වැඩේ ඉවරයි.අයෙත් compose click කරලා බලන්න ඔයාලට ඔයාල හදාගත්ත table එක පෙයි.








0 comments:

Post a Comment