Thursday, February 13, 2014

පරිගණකයේ Install කර ඇති මෘදුකාංග වල SERIAL KEYS ඕනෙද????



ඔන්න එහෙනම් තවත් අලුත් ලිපියකින් තවත් අලුත් දෙයක්.පරිගණකයේ ස්ථාපිත කරලා ඇති software එකක serial key එකක් කොහොමද හොයාගන්නේ කියල තමා කියන්න යන්නේ.


මේක ගොඩක් වැදගත් වෙයි අලුතෙන් ගත්ත ලැප්ටොප් එහෙම තියන අයට.ලැප්ටොප් එකකට ගොඩක් වෙලාවට softwares ලැප්ටොප් එක ගත්ත තැනින්ම දාලමනේ දෙන්නේ.OS එකත් ඇතුලත්ව.ඒ කිව්වේ windows7,8,Ubuntu ,Linux  ඔය මොකක්හරි දේකින් එකක්.එතකොට එයාලට පුළුවන් මේ software එක භාවිත කරලා ලැප්ටොප් එකේ තියන softwares වල serial key එක හොයාගන්න.


මේක කරන්නේ ඇත්තටම windows registry එක උපයෝගී කරගන.මේකට ඕනේ වෙනවා 

Magical Jellybean Keyfinder කියන software එක. 


මේකෙන් windows ඇතුළු තවත් මෘදුකාංග ගොඩක serial keys හොයාගන්න පපුළුවන්.හැබැයි එකක් දෙකක් වගේ සමහර ඒවා වැඩ නොකරන්නත් පුළුවන් හරිද.මේ software එක Windows හා Mac යන operating system 2ටම නොමිලේ downlaod කරන්න පුළුවන් ඉහත ලින්ක් එකට ගිහින්.


හරි ඔයාල පළවෙනියටම software එක බාගන install කරගන්න.

ඊට පස්සේ software එක run කරන්න.එතකොට නිකන්ම software එක පරිගණකයේ ඇති softwares වල serial keys හොයල පෙන්නනවා.



මේකෙන් මුළු පරිගණකයේම තියන softwares හොයල ඒවගේ keys හොයල දෙනවා.ඔයාලට ඕනෙනම්මොකක්හරි hard disk එකක විතරක් ඇති softwares වලව key හොයාගන්න "Tools" click කරලා "Load Drives" click කරලා ඔයාලට ඕනේ hard disk එක තෝරන්න.එතකොට එකේ විතරක් install වුන softwares වල serial keys විතරක් හොයාගන්න පුළුවන් ඔයාලට.








0 comments:

Post a Comment