Saturday, February 8, 2014

Android PC එකක් ඔයාලටත්.!!!!!


කැමතිද Android run කරන PC එකක් ලබාගන්න??මම ඔයාලට දෙනවා එහෙම නම් නෙමෙයි හරිද මට එච්චර සල්ලි නෑනේ.PC එකට Android දාගන්න හැටි තමයි මම අද කියන්න යන්නේ.Android එක්ක PC එකේ වැඩ කරන්න කැමති අය ඉන්නවනම් මේක අත්හදා බලන්න පුළුවන්.

මේකට ඕනේ කරන softwares ටිකක් තියනවා.ඒවා ටික මුලින්ම download කරගන ඉන්නකෝ

Download:
  • 1.Oracle VM VirtualBox -To Download click  here
  • 2.Android x86 4.2 Image -To Download  click here

දැන් බලමු මේක කරන හැටි


  • ඉස්සරලම virtual box install කරගන ඉවර වෙලා එක open කරගන New කියන එක select කරන්න.
  • ඊට පස්සේ එකේ ඇති name කියල එකක්.එතන ඔයාලට කැමති නමක් දෙන්න
  • ඊට පස්සේ type කියල එකක් හා version කියල එකකුත් ඇති.ඒවාට මෙහෙම select කරන්න.                              i)Type : Linux  ii)Version : Other Linux
  • ඊට පස්සේ next click කරන්න
  • ඊට පස්සේ ඔයාලට select කරන්න වෙනවා මේකට ලබා දෙන memory එක.පුළුවන් නම් 512 MB වත් දෙන්න බලන්න (Jelly Bean වලට අවම 512MB ඕනේ කරනවා) .memory එක දෙන ගාන වැඩි වෙන තරමට androidහි ක්‍රියාකාරිත්වය සියුම්ව සිදු කරගන්න පුළුවන්.ඊට පස්සේ next කරන්න.


  • එතකොට dialog box එකක් open වෙයි.දැන් අපි virtual hard drive එකක් හදාගන්න ඕනේ.එකට create new hard disk කියන එක click කරන්න.
  • දැන් VDI select කරලා next කරන්න.
  • දැන් එන menu එකෙන් ඔයාල select කරන්න fixed storage කියන එක.ඊට පස්සේ next කරන්න.
  • ඊට පස්සේ එන menu එක තමා VirtualBox Location And Size කියන එක.එකේදී ඔයාල ඔයාලට ඕනේ location එක දීල එකට ඕනේ size එක දෙන්න ඕනේ.අවම වශයෙන් 1GBවත් ඕනේ වෙනවා.එත් 2GB දාන්න ඒක හොඳටම ඇති.ඊට පස්සේ next කරලා finish click කරන්න.
  • දැන් virtual hard disk එක හදල ඉවරයි.



  • දැන් උඩ පේනවා වගේ dialog box එකක් තමා එන්නේ.
  • දැන් ඔයාලට පේනවනේ Storage කියල button එකක් තියනවා.(උඩ රූපේ බලන්න.)එක click කරන්න.
  • එතකොට තවත් dialog box එකක් open වෙයි.එකේ empty කියන එක click කරන්න.(පහල රුපය බලන්න)


  • ඊට පස්සේ ඔයාලට පේනවා ඇතිනේ දකුණු පැත්තේ CD/DVD Drive කියල එකක් තියනවා.අන්න එක කෙලින්ම අයිනේ තියන CD එකක එකක icon එකක් තියනවා,එක click කරන්න.click කරලා choose a virtual CD/DVD disk file කියන එක click කරන්න.
  • ඊට පස්සේ ඔයාල download කරගත්ත අර android image file එක තියන තැනට ගිහින් එක select කරලා open කරන්න.
  • තාම ඉවර නෑ.දැන් audio කියන එක click කරන්න.ඊට පස්සේ Audio Controller කියන එකට "ICH AC97." select කරන්න.එහෙම කරේ SoundBlaster 16 කියන එක select වෙලා තිබ්බොත් Audio හරියටම වැඩ නොකරන්න පුළුවන් නිසා.
  • දැන් ok click කරන්න.අන්තිමට Start click කරන්න.(දැන් සමහරවිට පොඩි dialog box එකක් මතු වෙලා මොනවහරි එකක් එන්න පුළුවන්.එක කෝකටත් පොඩ්ඩක් කියවල ok කරලා දාන්න.)
දැන් තමා Android,PC එකට install වෙන්නේ.
  • දැන් පහත රුපගේ වගේ dialog box එකක් එයි.එකෙන් මම select කරලා තියන විදිහට select කරලා enter කරන්න.


  • දැන් එන dialog box එකෙන් select කරන්න Create/Modify partitions කියන එක.
  • ඊට පස්සේ අයෙත් dialog box එකක් open වෙයි.එකෙන් "New" කියන එක select කරලා,අයෙත් "Primary" කියන එක select කරලා enter කරන්න.


  • ඊට පස්සේ පහත රුපයේ වගේ screen එකේ පෙන්නයි ඔයාලට.එකෙන් "bootable" කියන එක select කරලා enter කරන්න.ඊට පස්සේ "Write" කියන එක select කරන්න.

  • දැන් warning එකක් එයි.එකට yes කියල type කරන්න.ඊට පස්සේ enter කරන්න
  • දැන් Quit select කරලා enter කරන්න.දැන් පහලින් පේනවා වගේ තමා screen එකේ පෙන්නන්නේ.


  • දැන් මේ උඩ රූපේ තියන විදිහටම select කරලා enter කරන්න.
  • ඊට පස්සේ එන screen එකෙන් "ext3" කියන එක select කරලා enter කරන්න.ඊට පස්සේ "Yes" දෙන්න ඔයාලට disk එක format කරන්න ඕනෙ නම්.
ඊට පස්සේ screen එකේ මෙහෙම එකක් එයි," Do you want to install boot loader GRUB? " එකට Yes කරන්න.


  • දැන් ඉතින් පහල රුපයේ වගේ  මෙහෙම එකක් එයි


  • Run android select කරලා enter කරන්න.වැඩේ ඉවරයි.
ඔන්න දැන් ඔයාලටත් android PC එකක් හම්බුනා.




වැඩේ හරිනේ එහෙනම්.වැදගත් වුනානම් comment එකක් දාලම යන්න.















0 comments:

Post a Comment