Sunday, February 9, 2014

GMAIL ගිණුම් කිහිපයක්ම එක සැරේට ඉතාමත් ලේසියෙන් භාවිත කරන්නේ කොහොමද??

GMAIL ගිණුම් අපි හැමෝටම වගේ තියනවනේ.කොහොමහරි gmail කියන්නේ අපිට ගොඩක් වැදගත් email account එකක්නේ.අපි ගොඩක් අය භාවිත කරන්නේ google.ඒ වගේම ගොඩක් අය blog වෙබ් සයිට් කරන්නෙත් blogger එකේ.එකටත් අපිට ඕනේ gmail ගිණුමක්.ඒ වගේම fiverr එකේ වගේ වෙනත් තව ගොඩක් වෙබ් අඩවි වල register වෙද්දී email account ඉල්ලනවා.ඒවාට ඉතින් අපි gmail ගිණුම් තමා ගොඩක් වෙලාවට දෙන්නේ.
අපිට gmail ගිණුම් 4ක් 5ක් වුනත් තියෙන්නේ පුළුවන්නේ.මට නම් gmail ගිණුම් 5ක් තියනවා.නැත්තම් වැඩ කරන්න අමරුයිනේ.ඔක්කොම වෙබ් සයිට් වලින් එන email එකකට එන්න ගත්තම හරිම වදයක් වෙනවා.

මේ වගේ වෙලාවට අපිට කොහොමත් gmail ගිණුම් 2ක් 3ක් භාවිතා කරන්න වෙනවා.එතකොට අපිට මේ ගිණුම් ඔක්කොම එක සැරේට ලේසියෙන්ම භාවිත කරන්න තිබ්බ නම් ගොඩක් ලේසි නේද?? නැත්තම් එකකට ලොග් වෙලා අයෙත් එකෙන් ලොග් අවුට් වෙලා අනිත් එකට ලොග් වෙලා,අය තව එකක් තියනවනම් අයෙත් ලොග් අවුට් වෙලා අය ලොග් ඉන් වේවි ඉන්න ගිහාම එක ඊට වඩා කරදරයක්නේ.එකට තමා මේ උපක්‍රමය අපි යොදාගන්නේ.

ඔයාල යන්න google homepage එකට.ගිහාම සුපුරුදු පරිදි page එකේ දකුණු පැත්තේ උඩින් ඔයාලගේ gmail ගිණුම පෙන්නනවා මෙන්න මේ පහල රූපේ විදිහට.(මම නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ එක තමා)





ඊට පස්සේ ඔයාල කරන්න ඕනේ අපේ මේ gmail account එකේ (google+ account එකේ) profile picture එක උඩ click කරන එක(මගේ නම් මේ NS කියල තියන රූපේ තමා profile picture එක).එතකොට පොඩි dialog box එකක් open වෙයි.එකෙ යටම ඇති "add account" කියල,ඒක click කරන්න.
ඊට පස්සේ gmail ගිණුමට ලොග් වෙන්න email address එකයි password එකයි ඉල්ලයි.ඒවා දීල ලොග් වෙන්න.තව ගිණුම් තියනවනම් ඒවා ඔක්කොගෙන්ම ඒ විදිහට ලොග් වෙන්න පුළුවන්.එතකොට පහල රූපේ වගේ පෙන්න තියෙයි ඔයාලට.මම මෙතන gmail ගිණුම් 4කින් ලොග් වෙලා තියනවා.







දැන් හරි.ඔයාලට ඕනේ වෙලාවට ඕනේ gmail account එක click කරන්න විතරයි තියෙන්නේ.එතකොට එකට යන්න පුළුවන් නිකන්ම.අය අමුතුවෙන් ලොග් වේවි ඉන්න ඕනේ නෑ.
වැදගත් වුනානම් comment එකක් දාලම යන්නකෝ.





0 comments:

Post a Comment