Tuesday, February 11, 2014

Filled Under:

බ්ලොග් එකකට අත්‍යවශ්‍ය Meta Tags ඔබගේ බ්ලොග් එකටත් දාගන්න


meta tags කියන්නේ මොනවද??ඒවා blog එකකට වැදගත් වෙන්නේ ඇයි???ඇත්තටම meta tags කියන්නේ වෙබ් අඩවියකට නැතුවම බැරි දෙයක්.මම meta tags ගැන කෙටියෙන් කියන්නම් මොනවද මේ meta tags කියන්නේ කියල.

meta tag එකක් කියන්නේ යම් වෙබ් අඩවියක් පිලිබඳ තොරතුරු සපයන විශේෂ html tag එකක්.html tags කියන්නේ, <body>,<head>,<title>,<br>,<<dt>,<dd>,<sup>,<i> ඔන්න ඔය වගේ ඒවා තමා tags කියන්නේ.(html tags). tag එකකින් තමයි html වල තියන functions අපි නිරුපණයට භාවිත කරගන්නේ.

හරි දැන් මේ meta tag වලින් web page එක පෙන්නන විදිහට කිසිම බලපෑමක් කරන්නේ නෑ.meta tag එකකින් වෙන්නේ වෙබ් page එක ගැන තොරතුරු සපයන එක  විතරයි.කවුද වෙබ් page එක හැදුවේ,web page එක මොකක් ගැනද තියෙන්නේ,කොච්චර කාලෙකින්ද update වෙන්නේ සහ page එකේ අන්තර්ගතය නිරුපනය කරන keywords මොනවද,මේ වගේ දේවල් තම meta tags වලින් කරලා දෙන්නේ.

meta tag එකකින් පුළුවන් search engine වල අපේ web page එක යම්කිසි සෙවුමකදී page එකේ ඉහලට අරන් එන්න.ඒකට තමා අපි keywords දාන්නේ.දැන් මම මගේ web page එකට free softwares කියල keyword එකක් දැම්ම කියමුකෝ,කවුරුහරි google search engine එකේ free softwares කියල type කරලා හෙව්වොත් එතෙන්ට එන වෙබ් සයිට්ස් අතරට මගේ වෙබ් සයිට් එකත් තියනවා.පුළුවන් තරම් අපේ වෙබ් සයිට් එක google search එකේදී පලවෙනි page එකටම ගන්න බලන්න ඕනේ.එතකොට අපේ වෙබ් සයිට් එක බලන ප්‍රමාණය නිකන්ම වැඩි වෙනවා.

meta tags ඒ තරම් වැදගත් වෙන්නේ එකයි.
meta tags අපේ වෙබ් සයිට් එකටත් දාගන්න හැටි මම කියන්නම්,.

ඉස්සරලම blogger dashboard එකට ගිහින් template ගිහින් edit template යන්න.ඊට පස්සේ CTRL+F ඔබල අර මතුවෙන පොඩි කොටුවේ <head> කියල type කරලා enter කරන්න.එතකොට <head> කියන එක කහ පාට වෙලා පෙන්නයි.දැන් මං යට දීල තියන code එක හරියටම අර <head> tag එකට පහලින් paste කරන්න.

<!-- Meta Tags ~  xnetsky.blogspot.com  -->
 <meta content='Your Blog Description' name='description'/>
 <meta content='Keyword1,Keyword2,Keyword3' name='keywords'/>
 <meta content='Author Name' name='Author'/>
 <meta content='Author Email Address' name='Email'/>
 <meta content='all' name='robots'/>
 <meta content='index, follow' name='robots'/>
 <meta content='Language Name' name='language'/>
 <meta content='Country Name' name='country'/>
 <meta content='blogger' name='generator'/>
<!-- /Meta Tags ~   xnetsky.blogspot.com  -->

(මේ යටින් දීල තියන box එකෙන් මේ codes ටික copy කරගන්න.)



ඔයාලට පේනවනේ මේ code එකේ රතු පාටින් තියන ඒවා ටික,ඒවාට ඔයාලට අදාළ තොරතුරු දාන්න ඕනේ මතක් කරලා.

Your blogger Description කියන එකට ඔයාලගේ blog එක ගැන පොඩි විස්තරයක් ලියන්නේ ,මොනවද blog එකෙන් කරන්නේ,මොනවද blog එකේ තියෙන්නේ කියල දාන්න.

keyword1,keyword2,කියන එකට එහෙම ඔයාලගේ blog එකේ අන්තර්ගත වන දේවල් වලට අදාල keywords දෙන්න,keyword ඇති තරමක් දෙන්න,කොමාවකින් වෙන් කර කර ලියන්න.උදාහරණයක් විදිහට මගේ බ්ලොග් එකට මම දදා තියනවා free software's ,e money ,social network,blogger වගේ keywords.

author name,email,country name,language කියන ඒවාට ඔයාල කැමති විදහට තොරතුරු දාන්න.

හරි එහෙනම් ඔන්න බ්ලොග් වෙබ් අඩවි කරන අයට වැදගත් වන තවත් දෙයක් මම අද දුන්න.comment එකකින් පොඩි සප් එකක් දීල යන්න මට එක ගොඩක් වටිනවා.




0 comments:

Post a Comment