Saturday, January 25, 2014

Filled Under:

වෙබ් සයිට් එකකට යනකොට පරිස්සමෙන්

.
බ්ලොග් එකකට වුනත් virus එන්න පුළුවන්.ඒ කියන්නේ අපි බ්ලොග් එකක දාන ලින්ක් එකකට ගිහාම එකේ virus තියෙන්නේ පුළුවන්.ඒවා අපේ පරිගණකයටත් එන්න පුළුවන්.එහෙම වෙන තරමට වෙන්නේ බ්ලොග් එක බලන අය අතරේ අපේ බ්ලොග් එක ප්‍රතික්ෂේප වෙන එක.මෙහෙම බ්ලොග් වල virus අන්තර්ගත වෙන එක වලක්වා ගැන වගේම අන්තර්ජාලය භාවිත කරන අය යන වෙබ් සයිට්ස් ආරක්ශිතද කියල බලාගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන තමා අද කියන්න යන්නේ.

බ්ලොග් වලට virus එන්න පුළුවන් ක්‍රම තියනවා.ඒවා ටිකක් පහත දීල තියනවා මම.

1) ලින්ක් වලින් එන්න පුළුවන් අපේ blog එකේ ඇතුලත් වෙන.එක නිසා blog එකට ලින්ක් ඇතුල් කරනකොට ගොඩක් පරිස්සමෙන් ඇතුල් කරන්න.මේකට මන් ගාව පොඩි උපක්‍රමයකුත් තියනවා.WOT කියල plugin එකක් තියනවා.එකෙන් කරන්නේ අපි යන වෙබ් සයිට් එකක් ආරක්ශිතද අනාරක්ෂිතද කියල අපිට පෙන්වන එක.මේක ඔයාලගේ web browser එකටත් දාගන්න ගොඩක් වැදගත් වෙයි.

මේකෙන් ඇත්තටම ඔයාල අනාරක්ෂිත වෙබ් අඩවියකට යනවනම් රතු පාටින් පෙන්නනවා මේ වෙබ් අඩවිය ආරක්‍ෂිත නෑ කියල.
යට තියන පින්තුරේ බලන්න මම නිල් පාටින් රවුම් කරලා තියන එක.එකේ කොළ පාට රවුමක් පේනවනේ.අන්න ඒ රවුම කොළ පාටයි කියන්නේ වෙබ් අඩවිය ආරක්ෂිතයි.අනාරක්ෂිතයි නම් ඒක රතු පාට වෙනවා.



WOT plugin එක මෙතනින් download කරගන්න.

 2) blog එකට virus එන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි Iframes වලින්.දැන් ඔයාල හිතනවා ඇති Iframe එකක් කියන්නේ මොකක්ද කියල.
ඇත්තටම  Iframes කියන්නේ තවත් වෙබ් සයිට් එකක් ඔයාලගේ blog එකේ පෙන්නන්න පුළුවන් පහසුකමක්.ඒ කියන්නේ ඔයාලගේ blog එකේ එක තැනක කිසියම් ප්‍රමාණයක ඉඩක තවත් වෙබ් සයිට් එකක් පෙන්නනවා.ඔයාලග් blog එකේ ඉන්න අයට ඒ වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඔයාලගේ බ්ලොග් එකේ ඉඳන්ම ඒ වෙබ් සයිට් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්.
මේවා ඔයාල දැකලත් ඇති.blog එකේ advertisement විදිහට මෙහෙම Iframe දාන්න ඉඩකඩ එහෙම තියනවා.ඒ වගේම hacking web server වලින් මෙහෙම Iframes දාන්නත් පුළුවන්.එතකොට මේ  Iframe එකක් ඔයාලගේ blog එකට දාන්න දෙන java script එකත් එක්ක මෙහෙම virus ඇතුල් කරන්න ඒ අයට පුළුවන්.

3) තවත් මෙහෙම virus එන්න පුළුවන් සුලභ ක්‍රමයක් තම java script වලින්.ඒ කියන්නේ ඔයාලගේ blog එකට ඔයාල එක එක gadjets දානවනේ,හැම blog එකකම gadgets තියනවා,ඒ gadget එක blog එකට දාන්න දෙන java script එකේ virus අන්තර්ගත වෙන්න පුළුවන්.

ඉතින් මිට වඩා වෙනස් විධි වලටත් තව virus එන්න පුළුවන්.ඒ හින්ද ඔයාල blog එක භාවිත කරනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න.
හරි මම දැන් කියන්න යන්නේ ඔයාලගේ blog එකේ virus තියනවද නැද්ද කියල check කරගන්න ක්‍රම ගැන.(blog එකක විතරක් නෙමෙයි ඕනෙම වෙබ් සයිට් එකක)

මම පහත දීල තියනවා ඔයාලට අතිශයින්ම වැදගත් වෙන වෙබ් සයිට් කිහිපයක්.මේවගෙන් පුළුවන් ඔයාලට link වල virus තියනවද check කරන්න.එතකොට ඔයාල ඔයාලගේ blog එකට ලින්ක් එකක් දාන්න කලින් මේකකට ගිහින් check කරල බලන්න virus තියනවද කියල.virus තියන බ්ලොග් වලට නම් කවුරුවත් කැමති නෑනේ.

1) URLVoid

මේක වෙබ් සයිට් එකක virus තියනවද කියල බලන්න පුළුවන් හොඳම වෙබ් සයිට් එකක්.මම ඔයාලට කියන්නේ අනිත් virus scanners වලට කලින් අත්හදා බලන්න ඕනේ මේක කියල.මොකද මේක තමා හොඳම එක අපේ blog එක check කරන්න. මේ වගේම තවත් blog එකේ virus තියනවද check කරන්න පුළුවන් වෙබ් සයිට් මම පහත දීල තියනවා.ඒවටත් ගිහින් check කරගන බලන්න ඔයාලට ඕනෙනම්.

2)Virus Total

3)Online Link Scan

4)Unmask Parasite

5)AVG Online Web Page Scanner

6)Amada Abuse Malware Database

හරි එහෙනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.වැදගත් වුනානම් comment එකක් එහෙමත් දාල යන්න.




3 comments:

  1. Replies
    1. ගොඩක් ස්තුති මචන් comment එක ගොඩක් වටිනවා මට

      Delete
  2. Using AVG Anti virus for many years, and I recommend this solution to everybody.

    ReplyDelete