Friday, January 24, 2014

Filled Under:

Fiverr වගේම අන්තර්ජාලයෙන් මුදල් සෙවිය හැකි වෙනත් වෙබ් අඩවි ගැන දැනගන්න.


අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රම වලින් අපි හැමෝම අතරේ වඩාත්ම ජනප්‍රිය වෙන්නේ Fiverr කියල ඉතින් අපි දන්නවනේ.Fiverr එකේ gig එකක් අපි ලබාදෙන්නේ $5කට.එකෙනුත් හම්බවෙන්නේ $4යිනෙ අපිට.එත් Fiverr වලට අමතරව තව ඒ වගේ වෙබ් අඩවි ගොඩක් තියනවා fiverr එකෙන් ගෙවන ගානටත් වැඩ වැඩියෙන් මුදල් ගෙවන.ඒවා ගැන තම මම අද කියන්න යන්නේ.

1. Gigbucks




Gigbucks කියන්නේ fiverr වලට පස්සේ තියන ඉතාමත්ම ජනප්‍රිය වෙබ් අඩවියක්.මේකේ හැම ක්ෂේත්‍රයකටම සම්බන්ධ gigs තියනවා.හරියට fiverr වගේමයි කිසිම වෙනසක් නෑ.ඒ වගේම මේකත් නොමිලේ register වෙලා අපිට වැඩ කරගන යන්න දෙන වෙබ් අඩවියක්.
එත් මේකේ තියන වැදගත්ම වාසිය තමා අපිට gig එකක් $5-$50 අතර ගණන් වලට අය කරගන්න පුළුවන් ගනුම්කරුගෙන්.එත් fiverr එකේ එහෙම බෑනේ.මේකත් කැමති අය ඉන්නවනම් fiverr කරන ගමන් try කරලා බලන්න.

2. SEOClerks



SEOClerks කියන්නේ fiverr වලට සමාන වෙබ් අඩවියක්,එත් මේකේ සපයන්නේ SEO වලට සම්බන්ධ සේවාවන් පමණයි.මේකෙනුත් ඔයාලගේ gig එකකට $5 අය කරගන්න පුළුවන්.

3.  Zeerk



Zeerk කියන්නෙත් නියම වෙබ් අඩවියක්.fiverr වගේමයි.මේකෙනම් fiverr එකේ වගේ $5 වගේ පොඩි ගානකට gig එකක් දෙන site එකක් නෙමෙයි.මේකෙන් පුළුවන් $100ක් යනකන්ම ඔයාලගේ gig එකකට අය කරගන්න.
ඔයාලට පුලුවන්නම් $100කට හරියන සේවාවක් සපයල දෙන්න,ඇත්තටම මේකේ gig එකක් දාන්න.වැඩේ හරි ගියොත් කොහොමද එක සැරේට $100 හම්බුනාම.
ඒ වගේම තමා ඔයාල ඩොලර් 2ක 3ක වගේ පොඩි ගානක gig එකක් දානවනම් මේ වෙබ් අඩවියෙන් commission එකක් කපන්නේ නෑ.fiverr එකේ වගේ.මේක fiverr වෙනුවට භාවිත කරන්න පුළුවන් හොඳම වෙබ් අඩවියක් කියල කියන්න පුළුවන්.

4. TenBux



මේකනම් fiverr එක වගේම තමයි වෙබ් සයිට් එකේ design එක ගත්තම.ඒ කිව්වේ fiverr එකේ අපි home page එකට ගිහාම පෙන්නන විදිහම තමා මේකෙත්.එක වගේමයි.මේකෙන් පුළුවන් ඔයාලගේ gig එකක් $10ක් දක්වා මුදලකට අලෙවි කරන.එත් මෙයාල එකෙන් $2ක් තියාගන්නවා.ඒ කියන්නේ fiverr වගේම තමා වෙනසක් නෑ.ඔයාලට ඕනෙනම් fiverr වෙනුවට තරඟකාරී බවින් අඩු වෙබ් සයිට් එකක gig එකක් දාන්න,මේක හොඳයි කියල කියන්න පුළුවන්.

5. FittyTown



මේකත් නියම වෙබ් සයිට් එකක් විකුණුම්කරුවන්ටමේකෙන් ඔයාලට ඉඩ ලබා දෙනවා gig එකක් $50ක් දක්වා මුදලකට අලෙවි කරන්න.හැබැයි මෙයාල ඔයාලගේ gig එකේ මුදලෙන් 20%ක් එයාල තියාගන්නවා.


මේකත් හොඳ වෙබ් සයිට් එකක් fiverr වගේම.මේකෙන් ඔයාලගේ gig එකක් $10-$20 අතර ගණන් වලට අලෙවි කරන්න ඉඩ ලබා දීල තියනවා.මේකෙදි ඔයාලගේ gig එකක මිලෙන් 20%ක් වෙබ් අඩවියේ අයිතිකරුවන්ට අයිති වෙනවා.

7.  Dollar3



dollar3 කියන්නෙත් fiverr හා සමානම වෙබ් අඩවියක්.මේකත් හොඳයි ඔයාලට වැඩ කරන්න.gig දාන්න පුළුවන් එක එක මිල ගණන් තියනවා.$5 කට මේකෙත් gig එකක් දාන්න පුළුවන්,ඒ වගේම තවත් $3, $6, $9, $12, $15, $27, $45, සහ $90 යන මිල ගණන් වලට ඔයාලට gig එකක් අලෙවි කරන්න පුළුවන්.

8. Tenrr


නමේ හැටියටම මේකෙන් $1 සිට $10 දක්වා gig එකක් අලෙවි කරන්න පුළුවන්.මේකත් ඇත්තටම ගොඩක් හොඳ වෙබ් සයිට් එකක්.එත් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ $1කට වුනත් gig එකක් අලෙවි කරන්න පුළුවන් නිසා ගොඩක් අය තමන්ගේ gig එකේ මිල අඩු කරනවා පරිබෝගිකයන්ව තමන්ගේ දෙසට ඇදල ගන්න.එතකොට ඉතින් පොඩ්ඩක් තරඟකාරී බව වැඩි වෙනවා.ඒ කියන්නේ ඔයා $5කට දෙන gig එකක් තව කට්ටිය $2කට වගේ දෙනවනම් ඔයාට ඒ order එක ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්.එත් fiverr එකේ නම් එහෙම නෑනේ ඔක්කොම $5 පටන් ගන්න හින්ද මේ වගේ ප්‍රශ්නයක් නම් එන්නේ නෑ.එත් fiverr වෙනුවට භාවිත කල හැකි හොඳ වෙබ් සයිට් එකක් මේකත්.

fiverr වලත් සමහර අඩුපාඩු තියනවා.සමහරවිට ඉස්සරහට ලෝකයේ freelancer වෙබ් අඩවි වලින් ජනප්‍රියම වෙබ් අඩවිය fiverr නොවී මේවගෙන් එකක් වෙන්නත් පුළුවන්.මොකද fiverr වලට වඩා පහසුකම් ගොඩක් වැඩි freelancer වෙබ් අඩවි මෙතන තියනවා.බැරි වෙලාවත් එහෙම වුනොත් එහෙම නේද?ඒ කලේ වෙනකොට අපිටත් ඒ වෙබ් සයිට් එකක ගිණුමක් තිබ්බොත් නම් ගොඩක් වටිනවනේ.එක නිසා මෙවගේත් job එකක් කරලා බලන්න.හරි ගියොත් එහෙම ඔයාලටමනේ.

එහෙනම් අද කිව්වා fiverr වගේම තවත් සයිට් ටිකක් ගැන.මම emoney ගැන තවත් post ටිකක් දානවා ඉදිරියට.




0 comments:

Post a Comment