Tuesday, January 14, 2014

Filled Under:
,

Fiverr මගින් මුදල් හොයන හැටි ඉගන ගන්න

අපි කලින් ලිපියේදී කතා කරනේ fiverr account එකක් හදන තැනට එනකන්.දැන් කියන්න යන්නේ fiverr එකෙන් මුදල් හොයන හැටි ගැන..

මුලින්ම ඔයාල fiverr account එකට ලොග් වෙන්න..එතකොට මෙහෙම තමා පෙන්නන්නේ ..  

දැන් ඔයාලට පේනවනේ ඉස්සරහම එක එක අය තමන්ට කරන්න පුළුවන් දේවල් කියල පොඩි add එකක් වගේ එකක් දාල තියනවා.ඔය මුලින්ම තියන එක බලන්න එකේ ඉන්න ගැනු ළමය model කෙනෙක් විදිහට ඉඳල තමා එයාගේ මුදල් හොයාගන්නේ ..බලන්න එක එයාගේ හැකියාව හින්ද එය එකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නවා ..

හරි මේ fiverr කියන website එකේ තියන දෙයක් තමා මේ GIG එකක් කියන එක.මොකක්ද මේ Gig එකක් කියන්නේ???  
 fiverr එකේ Gig එකක් කියන්නේ මේකයි.කවුරුහරි තමන්ට කරන්න පුළුවන් දේ විස්තරාත්මකව ඇතුලත් කරලා ඒ දේ කරන්නේ කොහොමද,දවස් කියක් යනවද ,කියල එහෙම විස්තර ඇතුලත් කරලා fiverr web site එකේ පළ කරනවා ..මේක නිකන් අපි අනුන්ට විකුනන්න යන දේ  ප්‍රචාරය කරන ක්‍රමයක්.මේකත් ඇත්තටම advertisement එකක්ම තමා,ඒ කියන්නේ වෙළඳ දන්විමක්.වෙනසක් නෑ.
අර උඩ තියන පින්තුරේ තියෙන්නේ මේ gig කියන ඒවා තමා.
මේ විදිහට අපි දාන gig එකක් කවුරුහරි දැකල එයට මේක order කරන්න ඕනේ කියල හිතුනම order එකක් එවනවා.

මම දන්නවා දැන් කට්ටිය හිතනවා ඇති මම මොකක්ද ඇත්තටම කරලා දෙන්නේ කියල.එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.ඔයාල fiverr එකේ හොයල බලන්න මේකේ තියනවා විකුනන්න දේවල් කොටින්ම කිව්වොත් තමන්ගේ ඇඟේ තව කෙනෙක්ට ඕනේ දේවල් ලියාගන photo අරන් විකුණන අයත් ඉන්නව.එක නිසා ඔයාල හිතන්න.ඔයාට පුළුවන් මොකක්ම හරි දෙයක් තියනවනේ අනිවාර්යෙන්ම.ඒක යොදා ගන්න.සමහරවිට අපේ රටේ ඕව වැඩිය ගණන් ගත්තේ නැති වුනාට වෙන රටවල් වල හොඳට ඉල්ලුමක් තියෙන්න පුළුවන්.
අඩුම ගානේ ඔයාට පුළුවන්නේ type කරන්නවත්.එක හරි කමක් නෑ.

හරි දැන් බලමු අපි gig එකක් හදන්නේ කොහොමද කියල ..

ඔයාල ඉස්සරලම click කරන්න sales කියන එක ..එකට ගිහාම ඔයාලට පෙයි create gig කියල තියනවා.එක click කරන්න.(පහත රුපය බලන්න)




ඊට පස්සේ ඉස්සරලම තියෙන්නේ Create gig title කියන එක..එකට දාන්න
ඕනේ ඔය කරන්න යන්නේ මොකක්ද කියල .දැන් හිතන්නකෝ ඔයාට photoshop වලින් banner එකක් හදන්න යනවා කියල.එතකොට ඔය දාන්න ඕනේ "i will create an attractive banner with awesome effects on it"(I will කියන එක type කරන්න එපා එක ඉබේම එකතු වෙනවා title එකට) වගේ ලස්සනට දැක්කම හිත ඇදිල යන විදිහේ title එකක්.
එක එක විදිහේ ලස්සන වචන එහෙම යොදා ගන්න එතකොට බලන කෙනාට එක ගැන ආසාවක් ඇති වෙනවනේ.ගොඩක් දිග ඒවා දාන්නත් එපා එතකොටත් කියවන්න එපා වෙනවනේ.
වැඩි විස්තර දාන්න වෙනම තැනක් තියනවා .

category කියන එකට ඔය කරන්න යන දේ අදාල වෙන එක තෝරන්න. ඔයාල තෝරාගන්න category එක අනුව සමහර gig වලට cover photos දාන්න පුළුවන්.ඒ වගේම තමන්ගේ gig එක ගැන විස්තර කෙරෙන Video එකකුත් දාන්න පුළුවන්. දැන් ඔයාල category කියන එකේ writing and translation තෝරාගත්තොත් එකට cover ෆොටෝ එකක් සහ video එකක් දාන්න පුළුවන්කමක් නෑ.එත් ඔයාල  Advertising වගේ category එකක් තෝරාගත්තොත් එකට cover ෆොටෝ එකක් වගේම video එකකුත් දාන්න පුළුවන්..

video එකකුත් ඔයාලගේ gig එකට දාන්න පුලුවන්නම් තවත් හොඳයි.හැබැයි ඔයාල කරන්න යන දේ ගැන එකේදී ලස්සනට පෙන්නන්න ඕනේ දකින කෙනාගේ හිත ඇදිල යන විදිහට .

ඊට පස්සේ තියෙන්නේ gig gallery කියන එක..මේකෙදි ඔයාල කරන්න යන දේට අදාල ෆොටෝස් ඔයාට දාන්න පුළුවන්.උදාහරණයක් විදිහට ඔය Photoshop වලින් ෆොටෝ edit කරන්න යනව නම් ඔයා edit කරපු ෆොටෝස් 2ක් 3ක් එකේදී upload කරන්න.

ඊට පස්සේ description කියන එක.මේක හරිම වැදගත්..මම කලින් කිව්වනේ title එකේ වැඩිය දිගට විස්තර දාන්න එපා කියල.ඒ විස්තර ඔක්කොම දාන්න ඕනේ මේ description එකේ.මේකෙදි ඔයා කරන්න යන දේ ගැන gig එක බලන කෙනාට හොඳ අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඔය කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් දාන්න.
 ඊළඟට duration කියන එක.ඒ කියන්නේ ඔයාට order එකක් අවොත් එක ඉවර කරලා ගැනුම්කරුට භාර දෙන්න කොච්චර කල් ඕනෙද කියන එක.ඒකට ඔයාලට ඕනේ විදිහට දාගන්න,හැබැයි මතක තියාගන්න gig එක ඉවර කරන්න ගත කරන කාලය අඩු වෙන තරමට ඔයාලට වාසි වැඩි. එතකොට තම ඉල්ලුම වැඩි වෙන්න.කාලය කියන දේ හැමොටම ගොඩක් වටිනවනේ.

ඊළඟට tags කියන එක.tags කියන්නේ ඔයාල කරන්න යන දේට අදාල වෙන වචන ..තේරුනේ නෑ නේද??ඒ කියන්නේ ඔයාල Photoshop වලින් මොනවහරි කරන්න යනවනම් tags වලට තෝරන්න photo editing,photo retouch,photography, අන්න ඒ වගේ ඒවා.එතකොට කවුරුහරි photo editing කියල fiverr එකේ හෙව්වොත් ඔයාලගේ gig එකත් එය හොයන gig අතරට එකතු වෙනවා.

අන්තිමට instruction for buyer කියන එක.මේකෙදි කරන්න තියෙන්නේ ඔයාට order එක එවපු කෙනාට මොනව හරි කියන්න තියනව නම් එක එයට දැනුම් දෙන එක.ඒ කියන්නේ ඔයා දැන් photo එකක් edit කරලා දෙනවා කියල gig එකක් දැම්ම නම් ,ඔයා order එක එවපු කෙනාට කියන්න ඕනේ මේ වගේ ,"just send me your photo and I'll edit it for you"
තව මොනවහරි තියනවනම් එකත් මේකෙදි කියන්න පුළුවන්.
දැන් වැඩේ හරි.ඊට පස්සේ save and continue click කරන්න .
ඊට පස්සේ අහයි ඔයාලගේ gig එක publish කරන්නද කියල,ඊට කලින් අපහු gig එක බලන්න ඕනෙනම් preview click කරන්න . අන්තිමට finish කියල ඇති එක click කරන්න.
දැන් ඔක්කොම ඉවරයි.
ඔයාලට පුළුවන් ඔයයාගේ gig එක ගැන Twitter,Facebook,Google+ වගේ web sites වල දාල එක ප්‍රසිද්ධ කරගන්නත්.

ඔන්න එහෙනම් වැදගත්ම දේවල් ඔක්කොම ටික මම කිව්වා.තවත් post එකකින් කියන්නම්කො මේ gig එකක් ප්‍රසිද්ධ කරන්න හැටි,ඒ වගේම orders වැඩි කරගන්න හැටි ගැන එහෙම ..




 









0 comments:

Post a Comment