Sunday, February 9, 2014

Software එකක් නැතුව PDF file එකක් Word file එකකට convert කරමුද??



Microsoft Word භාවිත කරන අය දන්නවා ඇති word file එකක් PDF file එකකට convert කරන එක මොන තරම් ලේසිද කියල.එත් PDF file එකක් word file එකකට convert කරන එක ලේසි වැඩක් නෙමෙයිනේ.එකට එක එක software දාල තමා convert කරගන්න වෙන්නේ.
එත් අද මම කියන්න යන්නේ software එකක් නැතුවම ලේසියෙන් මේ වැඩේ කරගන්නේ කොහොමද කියල.මේක ඉතාමත් ලේසි.මේක කරලා දෙන්නේ එක වෙබ් සයිට් එකකින්.
එක තමා ZAMZAR.COM 

මේකේ PDF,Word file නෙමෙයි ඕනෙම file වර්ගයක් convert කරන්න පුළුවන්.Audio,Video වගේ ඕනෙම එකක්.මේක මාර වටිනා වෙබ් සයිට් එකක්.ඔක්කොම කරලා දෙන්නෙත් free.

file convert කරන එක simple වැඩක්.කරන්න තියෙන්නේ ඔයාලට ඕනේ file එක upload කරල convert කල යුතු format එක select කරලා ඔයාලගේ email address එක දීල convert කියන button එක click කරන එක විතරයි.
file එක convert කරලා ඉවර වුන ගමන්ම ඔයාල දුන්න email address එකට ඔයාලගේ convert වුන file එක එයාල යවනවා.

කොහොමද වැඩේ නම් නියමයි නේද??? වැදගත් වුනානම් comment එකකුත් දාලම යන්නකෝ.







FaceBookහි යාලුවොන්ගෙන් එන game request,විවිධ app request එහෙම block කරමුද???


FACEBOOK එකේ යාලුවෝ එවන එක එක game request එහෙම වදයක්ද??? මට නම් හරිම වදයක් මේ එක එක game requests.ඒක නිසාම මම ඒවා block කරලා තියෙන්නේ.ඒක කරන්නේ කොහොමද කියල මම ඔයාලටත් කියල දෙන්නම්.

ඉස්සරලම ඔයාලගේ account එකට ලොග් වෙලා account settings යන්න.

ඊට පස්සේ settings page එක පෙන්නයි ඔයාලට.එකේ Notifications කියන එක click කරන්න.



ඊට පස්සේ එන window එකේ "App requests and activity" කියන එක click කරන්න.



ඊට පස්සේ ඔයාලට පෙනෙයි ඔයාලට request එන games සහ apps.ඔයාලට request එන එක නවත්තගන්න ඕනේ game එක හරි app එක හරි තෝරගන එක uncheck කරලා දාන්න.






දැන් අය ඒ game එකෙන් හෝ app එකෙන් අය request ඔයාලට දකින්න හම්බෙන්නේ නෑ.


Wordpress Web Site එකක Theme එක ඕනෙද???


වෙබ් සයිට් වලට ගිහාම සමහර theme ඒ කියන්නේ template තියනවා දැක්කම ආස හිතෙනවානේ.ඊට පස්සේ ඉතින් google එකේ දාගන search කරනවා ඒ theme එක,අපේ blog එකටත් දාගන්න.මාත් ඔහොම ඕනේ තරම් කරලා තියනවා.අපිට google එකෙන් එච්චරම හොඳ template දීල නෑනේ.හැබැයි ඉතින් web page එකක template එක දැක්කට ඒක ගත්තේ කොහෙන්ද එකේ author කවුද,download කරේ කොහෙන්ද කියන එක හොයන එක නම් ඉතින් ලේසි වැඩක් නෙමෙයි.එයාල ඒවා අපිට පේන්න තියන්නෙත් නෑනේ කොහෙවත් දාල.
අන්න එකට විසඳුමක් මම හොයාගත්ත.හැබැයි wordpress වෙබ් සයිට් වල template ගැන තමා මේකෙන් හොයල දෙන්නේ.මේක පොඩි web tool එකක්.ඔයාලට ඕනේ wordpress website එකේ URL එක දුන්නම template එක ගැන  විස්තර ඔක්කොම ටික එනවා.එතකොට ඉතින් කරන්න තියෙන්නේ ඒ වෙබ් සයිට් එකට ගිහින් theme එක බාගන්න එක විතරයි.
ඒ විතරක් නෙමෙයි ඔයාල ඒ ලබා දුන්න වෙබ් සයිට් එකේ තියන wordpress plugins ඔක්කොම ටිකත් මේකෙන් හොයල දෙනවා.

මේ web tool එකෙන් මෙන්න මේ විස්තර ලැබෙනවා template එක ගැන.

Theme Name
Theme Homepage
Description
Version
Author
Author Homepage
License
Theme Screenshot

මේවා ඉතින් මමම තමා දෙන්නේ වෙන කොහෙවත් නම් සිංහල blog එකක මේවා දීල නෑ.මම ගොඩක් හෙව්වා.අඩු ගානේ ඉතින් පොඩි comment එකකින්වත් මට සප් එකක් දීල යන්න. :D එක මට ලොකු හයියක්. 

මෙතනින් එකට යන්න පුළුවන් ඔයාලට.


GMAIL ගිණුම් කිහිපයක්ම එක සැරේට ඉතාමත් ලේසියෙන් භාවිත කරන්නේ කොහොමද??

GMAIL ගිණුම් අපි හැමෝටම වගේ තියනවනේ.කොහොමහරි gmail කියන්නේ අපිට ගොඩක් වැදගත් email account එකක්නේ.අපි ගොඩක් අය භාවිත කරන්නේ google.ඒ වගේම ගොඩක් අය blog වෙබ් සයිට් කරන්නෙත් blogger එකේ.එකටත් අපිට ඕනේ gmail ගිණුමක්.ඒ වගේම fiverr එකේ වගේ වෙනත් තව ගොඩක් වෙබ් අඩවි වල register වෙද්දී email account ඉල්ලනවා.ඒවාට ඉතින් අපි gmail ගිණුම් තමා ගොඩක් වෙලාවට දෙන්නේ.
අපිට gmail ගිණුම් 4ක් 5ක් වුනත් තියෙන්නේ පුළුවන්නේ.මට නම් gmail ගිණුම් 5ක් තියනවා.නැත්තම් වැඩ කරන්න අමරුයිනේ.ඔක්කොම වෙබ් සයිට් වලින් එන email එකකට එන්න ගත්තම හරිම වදයක් වෙනවා.

මේ වගේ වෙලාවට අපිට කොහොමත් gmail ගිණුම් 2ක් 3ක් භාවිතා කරන්න වෙනවා.එතකොට අපිට මේ ගිණුම් ඔක්කොම එක සැරේට ලේසියෙන්ම භාවිත කරන්න තිබ්බ නම් ගොඩක් ලේසි නේද?? නැත්තම් එකකට ලොග් වෙලා අයෙත් එකෙන් ලොග් අවුට් වෙලා අනිත් එකට ලොග් වෙලා,අය තව එකක් තියනවනම් අයෙත් ලොග් අවුට් වෙලා අය ලොග් ඉන් වේවි ඉන්න ගිහාම එක ඊට වඩා කරදරයක්නේ.එකට තමා මේ උපක්‍රමය අපි යොදාගන්නේ.

ඔයාල යන්න google homepage එකට.ගිහාම සුපුරුදු පරිදි page එකේ දකුණු පැත්තේ උඩින් ඔයාලගේ gmail ගිණුම පෙන්නනවා මෙන්න මේ පහල රූපේ විදිහට.(මම නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ එක තමා)





ඊට පස්සේ ඔයාල කරන්න ඕනේ අපේ මේ gmail account එකේ (google+ account එකේ) profile picture එක උඩ click කරන එක(මගේ නම් මේ NS කියල තියන රූපේ තමා profile picture එක).එතකොට පොඩි dialog box එකක් open වෙයි.එකෙ යටම ඇති "add account" කියල,ඒක click කරන්න.
ඊට පස්සේ gmail ගිණුමට ලොග් වෙන්න email address එකයි password එකයි ඉල්ලයි.ඒවා දීල ලොග් වෙන්න.තව ගිණුම් තියනවනම් ඒවා ඔක්කොගෙන්ම ඒ විදිහට ලොග් වෙන්න පුළුවන්.එතකොට පහල රූපේ වගේ පෙන්න තියෙයි ඔයාලට.මම මෙතන gmail ගිණුම් 4කින් ලොග් වෙලා තියනවා.







දැන් හරි.ඔයාලට ඕනේ වෙලාවට ඕනේ gmail account එක click කරන්න විතරයි තියෙන්නේ.එතකොට එකට යන්න පුළුවන් නිකන්ම.අය අමුතුවෙන් ලොග් වේවි ඉන්න ඕනේ නෑ.
වැදගත් වුනානම් comment එකක් දාලම යන්නකෝ.



Saturday, February 8, 2014

Android ෆෝන් එක root වෙලාද කියල දැනගන්නේ කොහොමද???





android ෆෝන් එකක් root කරන හැටි ගැන මම කලින් ලිපියකින් කියල දුන්න.එහෙම root කරපු ෆෝන් එක හරියටම root වෙලාද නැද්ද කියල දැනගන්න ක්‍රමයක් ගැන තම මම දැන් කියන්න යන්නේ.මේක හරිම ලේසි.පොඩි app එකකින් තම මේක කරලා දෙන්නේ.එක තම Root  Checker කියන app එක.

ඒවා මෙතනින් DOWNLOAD කරගන්න පුළුවන්.










දැන් ෆෝන් එක root වෙළද කියල බලන හැටි කියන්නම්.මේක හරිම ලේසි.app එක install කරගන එක open කරලා verify root access කියන button එක press කරන්න.එතකොට root වෙලා තියනවනම් එකේ පෙන්නනවා.root වුන ෆෝන් එකක් හා root නොවුන ෆෝන් එකක මේ app එක run කරලා ලබාගත්ත රුපයක් පහත තියනවා.





Android PC එකක් ඔයාලටත්.!!!!!


කැමතිද Android run කරන PC එකක් ලබාගන්න??මම ඔයාලට දෙනවා එහෙම නම් නෙමෙයි හරිද මට එච්චර සල්ලි නෑනේ.PC එකට Android දාගන්න හැටි තමයි මම අද කියන්න යන්නේ.Android එක්ක PC එකේ වැඩ කරන්න කැමති අය ඉන්නවනම් මේක අත්හදා බලන්න පුළුවන්.

මේකට ඕනේ කරන softwares ටිකක් තියනවා.ඒවා ටික මුලින්ම download කරගන ඉන්නකෝ

Download:
  • 1.Oracle VM VirtualBox -To Download click  here
  • 2.Android x86 4.2 Image -To Download  click here

දැන් බලමු මේක කරන හැටි


  • ඉස්සරලම virtual box install කරගන ඉවර වෙලා එක open කරගන New කියන එක select කරන්න.
  • ඊට පස්සේ එකේ ඇති name කියල එකක්.එතන ඔයාලට කැමති නමක් දෙන්න
  • ඊට පස්සේ type කියල එකක් හා version කියල එකකුත් ඇති.ඒවාට මෙහෙම select කරන්න.                              i)Type : Linux  ii)Version : Other Linux
  • ඊට පස්සේ next click කරන්න
  • ඊට පස්සේ ඔයාලට select කරන්න වෙනවා මේකට ලබා දෙන memory එක.පුළුවන් නම් 512 MB වත් දෙන්න බලන්න (Jelly Bean වලට අවම 512MB ඕනේ කරනවා) .memory එක දෙන ගාන වැඩි වෙන තරමට androidහි ක්‍රියාකාරිත්වය සියුම්ව සිදු කරගන්න පුළුවන්.ඊට පස්සේ next කරන්න.


  • එතකොට dialog box එකක් open වෙයි.දැන් අපි virtual hard drive එකක් හදාගන්න ඕනේ.එකට create new hard disk කියන එක click කරන්න.
  • දැන් VDI select කරලා next කරන්න.
  • දැන් එන menu එකෙන් ඔයාල select කරන්න fixed storage කියන එක.ඊට පස්සේ next කරන්න.
  • ඊට පස්සේ එන menu එක තමා VirtualBox Location And Size කියන එක.එකේදී ඔයාල ඔයාලට ඕනේ location එක දීල එකට ඕනේ size එක දෙන්න ඕනේ.අවම වශයෙන් 1GBවත් ඕනේ වෙනවා.එත් 2GB දාන්න ඒක හොඳටම ඇති.ඊට පස්සේ next කරලා finish click කරන්න.
  • දැන් virtual hard disk එක හදල ඉවරයි.



  • දැන් උඩ පේනවා වගේ dialog box එකක් තමා එන්නේ.
  • දැන් ඔයාලට පේනවනේ Storage කියල button එකක් තියනවා.(උඩ රූපේ බලන්න.)එක click කරන්න.
  • එතකොට තවත් dialog box එකක් open වෙයි.එකේ empty කියන එක click කරන්න.(පහල රුපය බලන්න)


  • ඊට පස්සේ ඔයාලට පේනවා ඇතිනේ දකුණු පැත්තේ CD/DVD Drive කියල එකක් තියනවා.අන්න එක කෙලින්ම අයිනේ තියන CD එකක එකක icon එකක් තියනවා,එක click කරන්න.click කරලා choose a virtual CD/DVD disk file කියන එක click කරන්න.
  • ඊට පස්සේ ඔයාල download කරගත්ත අර android image file එක තියන තැනට ගිහින් එක select කරලා open කරන්න.
  • තාම ඉවර නෑ.දැන් audio කියන එක click කරන්න.ඊට පස්සේ Audio Controller කියන එකට "ICH AC97." select කරන්න.එහෙම කරේ SoundBlaster 16 කියන එක select වෙලා තිබ්බොත් Audio හරියටම වැඩ නොකරන්න පුළුවන් නිසා.
  • දැන් ok click කරන්න.අන්තිමට Start click කරන්න.(දැන් සමහරවිට පොඩි dialog box එකක් මතු වෙලා මොනවහරි එකක් එන්න පුළුවන්.එක කෝකටත් පොඩ්ඩක් කියවල ok කරලා දාන්න.)
දැන් තමා Android,PC එකට install වෙන්නේ.
  • දැන් පහත රුපගේ වගේ dialog box එකක් එයි.එකෙන් මම select කරලා තියන විදිහට select කරලා enter කරන්න.


  • දැන් එන dialog box එකෙන් select කරන්න Create/Modify partitions කියන එක.
  • ඊට පස්සේ අයෙත් dialog box එකක් open වෙයි.එකෙන් "New" කියන එක select කරලා,අයෙත් "Primary" කියන එක select කරලා enter කරන්න.


  • ඊට පස්සේ පහත රුපයේ වගේ screen එකේ පෙන්නයි ඔයාලට.එකෙන් "bootable" කියන එක select කරලා enter කරන්න.ඊට පස්සේ "Write" කියන එක select කරන්න.

  • දැන් warning එකක් එයි.එකට yes කියල type කරන්න.ඊට පස්සේ enter කරන්න
  • දැන් Quit select කරලා enter කරන්න.දැන් පහලින් පේනවා වගේ තමා screen එකේ පෙන්නන්නේ.


  • දැන් මේ උඩ රූපේ තියන විදිහටම select කරලා enter කරන්න.
  • ඊට පස්සේ එන screen එකෙන් "ext3" කියන එක select කරලා enter කරන්න.ඊට පස්සේ "Yes" දෙන්න ඔයාලට disk එක format කරන්න ඕනෙ නම්.
ඊට පස්සේ screen එකේ මෙහෙම එකක් එයි," Do you want to install boot loader GRUB? " එකට Yes කරන්න.


  • දැන් ඉතින් පහල රුපයේ වගේ  මෙහෙම එකක් එයි


  • Run android select කරලා enter කරන්න.වැඩේ ඉවරයි.
ඔන්න දැන් ඔයාලටත් android PC එකක් හම්බුනා.




වැඩේ හරිනේ එහෙනම්.වැදගත් වුනානම් comment එකක් දාලම යන්න.













Call Of Duty 4 (Modern War Fare) Server එකක් හදාගන්න කැමතිද?????


post එකක් දාන්න බැරි වුනා ගොඩක් දවසකින්.අද ටිකක් වෙනස් විදිහේ දෙයක් කියන්න කියල හිතුවේ.
Call Of Duty කිව්වම දන්නැති කෙනෙක් නෑනේ.army games වලින් අපි අතරේ වැඩියෙන්ම ජනප්‍රිය Call Of Duty game එකනේ.Call Of Duty multi player සෙල්ලම් කරන අය ගොඩක් ඉන්නව.ඒ වෙනත් කාගෙහරි server එකක්නේ.ගොඩක් වෙලාවට වෙන රටක server එකක්.ලංකාවේ මම දන්න තරමින් මහා ලොකු servers ගොඩක් නෑ.එත් ජනප්‍රිය ඒවා ටිකක් තියනවා.
හරි අද මම කියන්න යන්නේ Call Of Duty 4 server එකක් හදාගන්නේ කොහොමද කියල.එතකොට ඔයාලට ඔයාලගේ යාලුවෝ එක්ක වුනත් වෙනම game එක සෙල්ලම් කරන්න පුළුවන්.

ඉස්සරලම game එක install කරගන crack file එහෙම copy කරලා ඉවර වෙලා game එක open කරන්න.ඒ කිව්වේ multiplayer එක හරිද.single player නෙමෙයි.



දැන් උඩ තියන රූපේ වගේ ඔයාලට පෙන්වයි.එකේ දකුණු පැත්තේ යටම හරියේ අංකයක් තියනවා ඔයාලට පේනවනේ.අන්න ඒ අංකය 1.7 හෝ ඊට වැඩ වැඩි වෙන්න ඕනේ.අඩුවෙන් තියනවනම් ඔයාලට ඒ patch file එක download කරගන්න වෙනවා.
අපිට ඕනේ කරන්නේ 1.7 patch එක.එත් 1.7 patch එක දාන්න කලින් 1.6 patch එක දාල ඉන්න ඕනේ.
ඒවා මෙතනින් download කරගන්න.

1.6 Patch 

1.7 Patch

හරි patch file එකත් දාගත්තට පස්සේ කරන ටික දැන් බලමු.

Hosting your own Call of Duty 4 Modern Warfare 1 Server free Using Hamachi
hamachi මෘදුකාංගය මගින් COD 4 server එකක් හදාගැනීම.


  • අපිට මේකෙදි ඕනේ වෙනවා hamachi කියන software එක.එක මෙතනින් download කරගන්න.
  • ඊට පස්සේ software එක install කරගන එකෙන් network එකක් හදාගන්න ඕනේ.ඒක පොඩි වැඩක් ලොකුයි වගේ හිතුනට.



hamachi software එක open කරහම මෙන්න මේ උඩ තියන රූපේ විදිහට තමා පෙන්නන්නේ. එකේ මම නිල් පාටින් කොටු කරපු තැන click කරන්න.කරලා "create a new network" කියන එක click කරන්න.ඊට පස්සේ ඔයාලට ඕනේ විදිහට network එකට නමක් දාල password ඕනෙ නම් එකත් දාල ok කරන්න.
දැන් network එක හදල ඉවරයි.
  • දැන් මෙන්න මේ file එක මෙතනින් download කරගන්න.
  • හරි දැන් එක open කරගන්න notepad එකෙන්.
  • දැන් ඔයාලට උඩ රූපේ විදිහට file එක open වුනාම පෙන්නයි.එකේ මම ඊතල දාලා තියන තැන් ටිකක් තියනවනේ.ඒවගේ ### ලකුණු වෙනුවට ඔයාලට කැමති විදිහට ඒවා පුරවන්න.
  • එත් වැදගත්ම දේ තමා මම අන්තිමට යටින් ඊතලේ ගහල තියන තැන බලන්න.එතන තියන /set net_ip කියන තැනට ඔයාල දාන්න ඕනේ ඔයාලගේ hamachi IP එක.එක හොයාගන්නේ මෙහෙමයි.hamachi software එක open කරාම උඩින්ම පෙන්නනවා IP එකක්.අන්න ඒක තමා hamachi IP එක.කලින් මම දැම්ම hamachi software එකේ රූපේ බලන්න එකෙත් පේනවා එක.
  • හරි දැන් දැන් මේ file එක save කරන්න තියන නමින්ම.වෙන මොනවත් වෙනස් කරන්න එපා.
  • ඊට පස්සේ මේ file එක copy කරගන ගිහින් ඔයාලගේ COD 4 install කරපු තැන paste කරන්න.
  • දැන් මෙන්න මේ file එක iw3mpHAMACHI 1.7 download කරන්න.
  • දැන් ඒ download කරගත්ත iw3mpHAMACHI 1.7 file  එක ඔයාලගේ COD 4 install වුන තැනට paste කරන්න.
  • දැන් ඒ file එක double click කරන්න.එතකොට COD  4 multiplayer game එක open වෙයි.
  • දැන් Start New Server කියන එක click කරන්න.
  • ඊට පස්සේ එකේ තියන දේවල් ඔයාට කැමති විදිහට හදාගන්න පුළුවන්.ඒ කිව්වේ players ගාන,map එක වගේ දේවල්.එත් මෙන්න මේ ටික මේ විදිහටම කරන්න.                         ඒකේ ඇති Dedicated කියල එකක්.එකට No දෙන්න.Punk Buster එකටත් No දෙන්න.(පහල රුපය බලන්න.)


  • හරි දැන් Start click කරන්න.දැන් server එක හදල ඉවරයි.
  • ඔයාලට මතකනේ මම iw3mpHAMACHI 1.7 කියන file එක බාගන එක cod 4 install වුන තැනට paste කරන්න කිව්වා.ඔයාලත් එක්ක මේ game එක play කරන යාළුවොත් මේ file එක බාගන එයාලගේ cod 4 install වුන තැනට paste කරන්න ඕනේ.ඔයාල මේ server එකෙන් game එක සෙල්ලම් කරන්න යන හැම වෙලාවකම iw3mpHAMACHI 1.7 icon එක click කරල තමා play කරන්න යන්න ඕනේ.(Cod 4 multiplayer එක නෙමෙයි)
  • අනිත් වැදගත් කරුණ තමයි ඔයාල මෙහෙම server එකෙන් game එක play කරන්න කලින් hamachi software එකෙන් ඔයා හදාගත්ත network එකට අනිත් යාලුවෝ connect වෙලා ඉන්න ඕනේ.network එකකට connect වෙන්නේ පහල රූපේ තියන මම රවුම් කරපු තැන click කරලා join an existing network කියන එක click කරලා,network එකේ නමයි password එකයි type කරලා join වෙන්න.එච්චරයි.(ඔයා හැදුව network එකේ නමයි password එකයි යාලුවොන්ට දෙන්න)



  • හරි අන්තිමට කියන්න තියෙන්නේ මේ server එකට connect වෙන විදිහ ගැන.දැන් hamachi software එකෙන් network එකට connect වෙලා  iw3mpHAMACHI 1.7 click කරලා game එක open කරගන්න.ඊට පස්සේ command console එක open කරලා Connect (ඔයාගේ Hamachi IP address එක type කරන්න මේ වරහන් නැතුව) 
  • command console එක open කරන්න දන්නෙ නැත්තම් එකත් කියන්නම්.key board එකේ Tab කියන key එකට උඩින් තියන("1" key එකට වම් පැත්තෙන් තියන) මෙන්න මේ සලකුණ "~" ලකුණු කරලා තියන 'key එක ඔබන්න.ඊට පස්සේ අර කලින් කිව්ව විදිහට type කරන්න.
  • සමහරවිට ඔයාලගේ game එකේ command console එක disable කරලා ඇති.game options ගිහින් එක enable කරගන්න.

හරි එහෙනම් ඔන්න COD 4 server එක හදන හැටි කියල ඉවරයි.එත් මෙහෙම server එකක් මිට වඩා ලේසියෙන් හදන විදිහකුත් තියනවා.එත් එක තාවකාලිකයි.ඒවා ටික ගැන මම ඊළඟ post එකේ කියන්නම්කො.


Saturday, January 25, 2014

වෙබ් සයිට් එකකට යනකොට පරිස්සමෙන්

.
බ්ලොග් එකකට වුනත් virus එන්න පුළුවන්.ඒ කියන්නේ අපි බ්ලොග් එකක දාන ලින්ක් එකකට ගිහාම එකේ virus තියෙන්නේ පුළුවන්.ඒවා අපේ පරිගණකයටත් එන්න පුළුවන්.එහෙම වෙන තරමට වෙන්නේ බ්ලොග් එක බලන අය අතරේ අපේ බ්ලොග් එක ප්‍රතික්ෂේප වෙන එක.මෙහෙම බ්ලොග් වල virus අන්තර්ගත වෙන එක වලක්වා ගැන වගේම අන්තර්ජාලය භාවිත කරන අය යන වෙබ් සයිට්ස් ආරක්ශිතද කියල බලාගන්න පුළුවන් ක්‍රම ටිකක් ගැන තමා අද කියන්න යන්නේ.

බ්ලොග් වලට virus එන්න පුළුවන් ක්‍රම තියනවා.ඒවා ටිකක් පහත දීල තියනවා මම.

1) ලින්ක් වලින් එන්න පුළුවන් අපේ blog එකේ ඇතුලත් වෙන.එක නිසා blog එකට ලින්ක් ඇතුල් කරනකොට ගොඩක් පරිස්සමෙන් ඇතුල් කරන්න.මේකට මන් ගාව පොඩි උපක්‍රමයකුත් තියනවා.WOT කියල plugin එකක් තියනවා.එකෙන් කරන්නේ අපි යන වෙබ් සයිට් එකක් ආරක්ශිතද අනාරක්ෂිතද කියල අපිට පෙන්වන එක.මේක ඔයාලගේ web browser එකටත් දාගන්න ගොඩක් වැදගත් වෙයි.

මේකෙන් ඇත්තටම ඔයාල අනාරක්ෂිත වෙබ් අඩවියකට යනවනම් රතු පාටින් පෙන්නනවා මේ වෙබ් අඩවිය ආරක්‍ෂිත නෑ කියල.
යට තියන පින්තුරේ බලන්න මම නිල් පාටින් රවුම් කරලා තියන එක.එකේ කොළ පාට රවුමක් පේනවනේ.අන්න ඒ රවුම කොළ පාටයි කියන්නේ වෙබ් අඩවිය ආරක්ෂිතයි.අනාරක්ෂිතයි නම් ඒක රතු පාට වෙනවා.



WOT plugin එක මෙතනින් download කරගන්න.

 2) blog එකට virus එන්න පුළුවන් තවත් ක්‍රමයක් තමයි Iframes වලින්.දැන් ඔයාල හිතනවා ඇති Iframe එකක් කියන්නේ මොකක්ද කියල.
ඇත්තටම  Iframes කියන්නේ තවත් වෙබ් සයිට් එකක් ඔයාලගේ blog එකේ පෙන්නන්න පුළුවන් පහසුකමක්.ඒ කියන්නේ ඔයාලගේ blog එකේ එක තැනක කිසියම් ප්‍රමාණයක ඉඩක තවත් වෙබ් සයිට් එකක් පෙන්නනවා.ඔයාලග් blog එකේ ඉන්න අයට ඒ වෙබ් සයිට් එකට යන්නේ නැතුව ඔයාලගේ බ්ලොග් එකේ ඉඳන්ම ඒ වෙබ් සයිට් එකත් එක්ක වැඩ කරන්න පුළුවන්.
මේවා ඔයාල දැකලත් ඇති.blog එකේ advertisement විදිහට මෙහෙම Iframe දාන්න ඉඩකඩ එහෙම තියනවා.ඒ වගේම hacking web server වලින් මෙහෙම Iframes දාන්නත් පුළුවන්.එතකොට මේ  Iframe එකක් ඔයාලගේ blog එකට දාන්න දෙන java script එකත් එක්ක මෙහෙම virus ඇතුල් කරන්න ඒ අයට පුළුවන්.

3) තවත් මෙහෙම virus එන්න පුළුවන් සුලභ ක්‍රමයක් තම java script වලින්.ඒ කියන්නේ ඔයාලගේ blog එකට ඔයාල එක එක gadjets දානවනේ,හැම blog එකකම gadgets තියනවා,ඒ gadget එක blog එකට දාන්න දෙන java script එකේ virus අන්තර්ගත වෙන්න පුළුවන්.

ඉතින් මිට වඩා වෙනස් විධි වලටත් තව virus එන්න පුළුවන්.ඒ හින්ද ඔයාල blog එක භාවිත කරනකොට මේ ගැනත් සැලකිලිමත් වෙන්න.
හරි මම දැන් කියන්න යන්නේ ඔයාලගේ blog එකේ virus තියනවද නැද්ද කියල check කරගන්න ක්‍රම ගැන.(blog එකක විතරක් නෙමෙයි ඕනෙම වෙබ් සයිට් එකක)

මම පහත දීල තියනවා ඔයාලට අතිශයින්ම වැදගත් වෙන වෙබ් සයිට් කිහිපයක්.මේවගෙන් පුළුවන් ඔයාලට link වල virus තියනවද check කරන්න.එතකොට ඔයාල ඔයාලගේ blog එකට ලින්ක් එකක් දාන්න කලින් මේකකට ගිහින් check කරල බලන්න virus තියනවද කියල.virus තියන බ්ලොග් වලට නම් කවුරුවත් කැමති නෑනේ.

1) URLVoid

මේක වෙබ් සයිට් එකක virus තියනවද කියල බලන්න පුළුවන් හොඳම වෙබ් සයිට් එකක්.මම ඔයාලට කියන්නේ අනිත් virus scanners වලට කලින් අත්හදා බලන්න ඕනේ මේක කියල.මොකද මේක තමා හොඳම එක අපේ blog එක check කරන්න. මේ වගේම තවත් blog එකේ virus තියනවද check කරන්න පුළුවන් වෙබ් සයිට් මම පහත දීල තියනවා.ඒවටත් ගිහින් check කරගන බලන්න ඔයාලට ඕනෙනම්.

2)Virus Total

3)Online Link Scan

4)Unmask Parasite

5)AVG Online Web Page Scanner

6)Amada Abuse Malware Database

හරි එහෙනම් කියන්න තියෙන්නේ මෙච්චරයි.වැදගත් වුනානම් comment එකක් එහෙමත් දාල යන්න.