Friday, January 17, 2014

ඔයාලගේ blog එකේ දාන post වල මුළු post එකම පෙන්නන්නේ නැතුව post එකෙන් කෑල්ලක් එක්ක Read More button එකක් දාගන්නේ මෙහෙමයි.


ඔයාල දන්නවනේ මුලින්ම blog එකක් පටන් ගත්ත ගමන් post එකක් දැම්මොත් එකේ ඉතින් මුල ඉඳන් අගටම යනකන් home page එකේ පෙන්නනවා.එතකොට දැන් අපි ගොඩක් දිග post 2ක් 3ක් blog එකේ දැම්මොත් එහෙම බලන කෙනාට හෙට වෙනකන් page එක පහලට යව යව තම ඉන්න වෙන්නේ.
ඒ වගෙම තම page එක load වෙන්න ගොඩක් වෙලා යනවා .

එක හින්ද මම අද කියන්න යන්නේ කොහොමද මේ blog post එකකට read more button එකක් දාගන්නේ කියල.මේක blog එකකට නැතුවම බැරි දෙයක්නේ 

හරි ඉස්සරලම සුපුරුදු පරිදි blogger dashboard එකට ගිහින් template click කරලා edit template යන්න.(මේ template එක edit කරන්න වෙනවා අපිට.ඊට කලින් මුළු template එකේම කොපියක් notepad එකට save කරගන ඉන්න,කෝකටත් හොඳයිනේ.

ඊට පස්සේ Ctrl+F ගහල අර මතුවෙන පොඩි box එකේ මෙන්න මේ යට දීල තියන code එක දාල enter කරන්න.



දැන් ඒ code එක පාට වෙලා පෙන්නයිනේ.ඊට පහලින් මම යටින් දීල තියන code එක paste කරන්න.  




ඊට පස්සේ </head> කියන code එක අර පොඩි box එකේ type කරලා මම යටින් දීල තියන code එක  ඊට උඩින් paste කරන්න.




ඊට පස්සේ අයෙත් අර පොඩි box එකේ මෙන්න මේ code එක ගහල ඊට පස්සේ මම  යටින් දීල තියනව තවත් code එකක්,ඒ code එක මෙන්න මේ code වෙනුවට ( <data:post.body/> )  එතෙන්ට paste කරන්න.

 
හොඳට මතක තියාගන්න මේ දැන් පාට වෙලා පෙන්නන code එක delete කරලා දාල ඒක තිබ්බ තැනට තමා මේ යට දීල තියන code එක paste කරන්න ඕනේ.




හරි එහෙනම් දැන් වැඩේ ඉවරයි..මේකෙන් වැඩක් වුනානම් Comment එකකුත් දාලම යන්න ඉතින්.




Wednesday, January 15, 2014

Mobile Phones Unlock කරගන්න ඕනෙද????


Mobile Phone unlock කරන වැඩ එහෙම ඔයාලටත් කරන්න වෙලා ඇතිනේ නේද???? එකට විසඳුමක් දෙන්නම් මම අද..

මේක මට අහම්බෙන් හම්බවුන site එකක්.එක forum එකක කෙනෙක් අහල තිබ්බ ෆෝන් එකක් unlock කරගන්න ඕනේ එක කරන්න දන්න කෙනෙක් ඉන්නවද කියල .මාත් ඉතින් පොඩි try පාරක් දාල බැලුව එක unlock කරන හැටි internet එකේ search කරලා බලල තිබ්බොත් එයාට කියල දෙන්නම් කියල ..එතකොට එහෙම search කරන අතරතුර තමා මේ web site එක හම්බවුනේ..
මේකේ ඕනෙම ෆෝන් වර්ගයක් තියනවා.ෆෝන් එකේ IMIE number එක ගහල unlock code එක ලබාගන්න තමා තියෙන්නේ

මම නම් තම මේක try කරලා බැලුවේ නෑ මොකද මන් ගාව එහෙම lock කරලා තියන ෆෝන් එකක් නෑ ඔක්කොම unlock ඒවා තමා තියෙන්නේ.
ඔයාල try කරලා බලල හොඳයි නම් comment එකක් දාලම යන්නකෝ.

මෙතන click කරලා ඒ web site එකට යන්න පුළුවන් ඔයාලට.


FIVERR orders ලබා ගන්න හා orders ගණන වැඩි කරගන්න ක්‍රම


අපි කලින් ලිපියේදී කතා කරනේ සාර්ථකව gig එකක් publish කරන්නේ කොහොමද කියල.මේ ලිපියෙන් මම කියන්න යන්නේ මේ gig එකට කොහොමද orders වැඩියෙන් ලබා ගන්නේ කියල.
ඔයාල gig එකක් දැම්මට ඒ හා සමානම තවත් gig ගොඩක් තියෙන්නේ පුළුවන්.එතකොට සේවාව ලබා ගන්න කෙනාට තෝරාගැනීම් ගොඩක් තියනවා.ඒ අතර ඔයත් ඉන්නවා.සේවාව ලබාගන්න කෙනා බලන්නේ හොඳම ,ඉක්මන් සේවාවක් ලබා ගන්නනේ.
ඉතින් ඒ හින්ද අපි මේකට පොඩි පොඩි දේවල් කරලා අනිත් අයට වඩා ඉදිරියට එන්න ඕනේ.එතකොට තමා අපිට orders වැඩියෙන් ලැබෙන්නේ.ඒ දේවල් මොනවද කියල තම අපි අද කතා කරන්නේ.


1)
පළවෙනියටම බලපාන්නේ ඔය ලබා දෙන්න යන සේවාව මොකක්ද කියන එක.

ඔයාල බලන්න ඕනේ හොයල වැඩියෙන් ඉල්ලුම තියෙන්නේ මොනවටද කියල.ඊට පස්සේ එකට අදාල වන මොකක්හරි දෙයක් ඔයාල offer කරන්න තමා උත්සහ කරන්න ඕනේ.දැන් ඔයාල හිතල බලන්න කවුරුවත් ඉල්ලන්නේ නැති දෙයක් gig එකකට දල වැඩක් නෙනේ,orders එන්නේ නෑ..

ඔයාල දන්නවනම් graphic designing,web designing,HTML,Java, ඒ වගේම හොඳ Photoshop දැනුමක් තියනව නම් ඒවා පුළුවන් තරම් gig එකට දන්නා බලන්න මොකද හොඳ ඉල්ලුමක් තියනවා..
ඒ වගේම Facebook,Twitter එක එක tricks තියනවනේ.ඒ කියන්නේ මම මෙච්චර followers ගානක් ඔයාලට අරන් දෙනවා,මම මෙච්චර Facebook likes ගානක් ඔයාලගේ fan page එකට අරන් දෙනවා ,අන්න ඔය විදිහේ gig වලට එහෙම හොඳ ඉල්ලුමක් තියනවා.

පුළුවන් අය ඒ වගේ දේවලුත් try කරලා බලන්න.මම මේ කිව්වා ඒවාට අමතරව තව ගොඩක් තියනවා හොඳ ඉල්ලුමක් තියන දේවල්.ඒවා ගැනත් පොඩ්ඩක් හොයල බලල gig එකක් දාන්න..

2)
ඊළඟට ඔයාලට ඔය කරන්න යන දේ ගැන පොඩ්ඩක් පළපුරුද්දක් තියෙන්න ඕනේ.
මොකද මම කිව්වනේ අපි දාන gig එකට සමාන gig තව ගොඩක් තියෙන්න පුළුවන්.එයාල අපිට වඩා හොඳට ඒ කාර්ය කරනවානම් order එක එයාලට තමා යන්නේ.තවත් දෙයක් තමා ඔයාලගේ gig එක කවුරුහරි බලල වැඩි දුරටත් එයාල ඔයාගේ profile එක බලන්න පුළුවන් ගොඩක් වෙලාවට.එතකොට ඔයාගේ profile එක Professional විදිහට තියෙනවනම් ගොඩක් හොඳයි.ඒ කිව්වේ වෘත්තීය මට්ටමේ seller කෙනෙක් කියල බලන කෙනාට පේන්න තියෙන්න ඕනේ.එකයි මම කිව්වේ කලින් ඔට එකේදී profile picture එක එහෙම ලස්සන පැහැදිලිවට පේන එකක් දාන්න.අය හැඳින්වීමටත් අනිත් අයගේ හිත ඇදගන්න විදහට පොඩි විස්තරයක් දාන්න කියල.

3)
ඊළඟ දේ තමා ඔය හැමවෙලාවෙම ඔයාට order එකක් එවන කෙනාට Dear Sir/Madam ඔය විදිහට ගෞරවාන්විත විදිහට කතා කරන්න.

4)
හතරවෙනියට කියන්න යන එක තමා order එකක් ඇවිල්ල ඒක සම්පුර්ණ කරලා දෙනකොට සේවාව ගන්න කෙනාට හැකිනම් Bonus එකක් දෙන්න බලන්න..මොකද Bonus වලට කවුද අකමැති..සේවාව ගන්න කෙනා ඔයාල එක්ක හොඳින් තියාගන්න තරමට එයාගෙන්ම ඊළඟ order එකත් ඔයාලට ලබාගන්නත් chance එකක් එන්නත් පුළුවන්. මට එහෙම chance එකක් අවා.එකයි මම ඔයාලට කිව්වේ.

ඔන්න එහෙනම් Fiverr ගැන තවත් වැදගත් තොරතුරු ටිකක් කිව්වා ඔයාලට.Fiverr ගැනම තවත් ලිපියක් අරන් එන්නම්කෝ.


Tuesday, January 14, 2014

Fiverr මගින් මුදල් හොයන හැටි ඉගන ගන්න

අපි කලින් ලිපියේදී කතා කරනේ fiverr account එකක් හදන තැනට එනකන්.දැන් කියන්න යන්නේ fiverr එකෙන් මුදල් හොයන හැටි ගැන..

මුලින්ම ඔයාල fiverr account එකට ලොග් වෙන්න..එතකොට මෙහෙම තමා පෙන්නන්නේ ..  

දැන් ඔයාලට පේනවනේ ඉස්සරහම එක එක අය තමන්ට කරන්න පුළුවන් දේවල් කියල පොඩි add එකක් වගේ එකක් දාල තියනවා.ඔය මුලින්ම තියන එක බලන්න එකේ ඉන්න ගැනු ළමය model කෙනෙක් විදිහට ඉඳල තමා එයාගේ මුදල් හොයාගන්නේ ..බලන්න එක එයාගේ හැකියාව හින්ද එය එකෙන් ඇත්තටම ප්‍රයෝජනයක් ගන්නවා ..

හරි මේ fiverr කියන website එකේ තියන දෙයක් තමා මේ GIG එකක් කියන එක.මොකක්ද මේ Gig එකක් කියන්නේ???  
 fiverr එකේ Gig එකක් කියන්නේ මේකයි.කවුරුහරි තමන්ට කරන්න පුළුවන් දේ විස්තරාත්මකව ඇතුලත් කරලා ඒ දේ කරන්නේ කොහොමද,දවස් කියක් යනවද ,කියල එහෙම විස්තර ඇතුලත් කරලා fiverr web site එකේ පළ කරනවා ..මේක නිකන් අපි අනුන්ට විකුනන්න යන දේ  ප්‍රචාරය කරන ක්‍රමයක්.මේකත් ඇත්තටම advertisement එකක්ම තමා,ඒ කියන්නේ වෙළඳ දන්විමක්.වෙනසක් නෑ.
අර උඩ තියන පින්තුරේ තියෙන්නේ මේ gig කියන ඒවා තමා.
මේ විදිහට අපි දාන gig එකක් කවුරුහරි දැකල එයට මේක order කරන්න ඕනේ කියල හිතුනම order එකක් එවනවා.

මම දන්නවා දැන් කට්ටිය හිතනවා ඇති මම මොකක්ද ඇත්තටම කරලා දෙන්නේ කියල.එක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.ඔයාල fiverr එකේ හොයල බලන්න මේකේ තියනවා විකුනන්න දේවල් කොටින්ම කිව්වොත් තමන්ගේ ඇඟේ තව කෙනෙක්ට ඕනේ දේවල් ලියාගන photo අරන් විකුණන අයත් ඉන්නව.එක නිසා ඔයාල හිතන්න.ඔයාට පුළුවන් මොකක්ම හරි දෙයක් තියනවනේ අනිවාර්යෙන්ම.ඒක යොදා ගන්න.සමහරවිට අපේ රටේ ඕව වැඩිය ගණන් ගත්තේ නැති වුනාට වෙන රටවල් වල හොඳට ඉල්ලුමක් තියෙන්න පුළුවන්.
අඩුම ගානේ ඔයාට පුළුවන්නේ type කරන්නවත්.එක හරි කමක් නෑ.

හරි දැන් බලමු අපි gig එකක් හදන්නේ කොහොමද කියල ..

ඔයාල ඉස්සරලම click කරන්න sales කියන එක ..එකට ගිහාම ඔයාලට පෙයි create gig කියල තියනවා.එක click කරන්න.(පහත රුපය බලන්න)




ඊට පස්සේ ඉස්සරලම තියෙන්නේ Create gig title කියන එක..එකට දාන්න
ඕනේ ඔය කරන්න යන්නේ මොකක්ද කියල .දැන් හිතන්නකෝ ඔයාට photoshop වලින් banner එකක් හදන්න යනවා කියල.එතකොට ඔය දාන්න ඕනේ "i will create an attractive banner with awesome effects on it"(I will කියන එක type කරන්න එපා එක ඉබේම එකතු වෙනවා title එකට) වගේ ලස්සනට දැක්කම හිත ඇදිල යන විදිහේ title එකක්.
එක එක විදිහේ ලස්සන වචන එහෙම යොදා ගන්න එතකොට බලන කෙනාට එක ගැන ආසාවක් ඇති වෙනවනේ.ගොඩක් දිග ඒවා දාන්නත් එපා එතකොටත් කියවන්න එපා වෙනවනේ.
වැඩි විස්තර දාන්න වෙනම තැනක් තියනවා .

category කියන එකට ඔය කරන්න යන දේ අදාල වෙන එක තෝරන්න. ඔයාල තෝරාගන්න category එක අනුව සමහර gig වලට cover photos දාන්න පුළුවන්.ඒ වගේම තමන්ගේ gig එක ගැන විස්තර කෙරෙන Video එකකුත් දාන්න පුළුවන්. දැන් ඔයාල category කියන එකේ writing and translation තෝරාගත්තොත් එකට cover ෆොටෝ එකක් සහ video එකක් දාන්න පුළුවන්කමක් නෑ.එත් ඔයාල  Advertising වගේ category එකක් තෝරාගත්තොත් එකට cover ෆොටෝ එකක් වගේම video එකකුත් දාන්න පුළුවන්..

video එකකුත් ඔයාලගේ gig එකට දාන්න පුලුවන්නම් තවත් හොඳයි.හැබැයි ඔයාල කරන්න යන දේ ගැන එකේදී ලස්සනට පෙන්නන්න ඕනේ දකින කෙනාගේ හිත ඇදිල යන විදිහට .

ඊට පස්සේ තියෙන්නේ gig gallery කියන එක..මේකෙදි ඔයාල කරන්න යන දේට අදාල ෆොටෝස් ඔයාට දාන්න පුළුවන්.උදාහරණයක් විදිහට ඔය Photoshop වලින් ෆොටෝ edit කරන්න යනව නම් ඔයා edit කරපු ෆොටෝස් 2ක් 3ක් එකේදී upload කරන්න.

ඊට පස්සේ description කියන එක.මේක හරිම වැදගත්..මම කලින් කිව්වනේ title එකේ වැඩිය දිගට විස්තර දාන්න එපා කියල.ඒ විස්තර ඔක්කොම දාන්න ඕනේ මේ description එකේ.මේකෙදි ඔයා කරන්න යන දේ ගැන gig එක බලන කෙනාට හොඳ අවබෝදයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට ඔය කරන්න යන දේ ගැන පොඩි විස්තරයක් දාන්න.
 ඊළඟට duration කියන එක.ඒ කියන්නේ ඔයාට order එකක් අවොත් එක ඉවර කරලා ගැනුම්කරුට භාර දෙන්න කොච්චර කල් ඕනෙද කියන එක.ඒකට ඔයාලට ඕනේ විදිහට දාගන්න,හැබැයි මතක තියාගන්න gig එක ඉවර කරන්න ගත කරන කාලය අඩු වෙන තරමට ඔයාලට වාසි වැඩි. එතකොට තම ඉල්ලුම වැඩි වෙන්න.කාලය කියන දේ හැමොටම ගොඩක් වටිනවනේ.

ඊළඟට tags කියන එක.tags කියන්නේ ඔයාල කරන්න යන දේට අදාල වෙන වචන ..තේරුනේ නෑ නේද??ඒ කියන්නේ ඔයාල Photoshop වලින් මොනවහරි කරන්න යනවනම් tags වලට තෝරන්න photo editing,photo retouch,photography, අන්න ඒ වගේ ඒවා.එතකොට කවුරුහරි photo editing කියල fiverr එකේ හෙව්වොත් ඔයාලගේ gig එකත් එය හොයන gig අතරට එකතු වෙනවා.

අන්තිමට instruction for buyer කියන එක.මේකෙදි කරන්න තියෙන්නේ ඔයාට order එක එවපු කෙනාට මොනව හරි කියන්න තියනව නම් එක එයට දැනුම් දෙන එක.ඒ කියන්නේ ඔයා දැන් photo එකක් edit කරලා දෙනවා කියල gig එකක් දැම්ම නම් ,ඔයා order එක එවපු කෙනාට කියන්න ඕනේ මේ වගේ ,"just send me your photo and I'll edit it for you"
තව මොනවහරි තියනවනම් එකත් මේකෙදි කියන්න පුළුවන්.
දැන් වැඩේ හරි.ඊට පස්සේ save and continue click කරන්න .
ඊට පස්සේ අහයි ඔයාලගේ gig එක publish කරන්නද කියල,ඊට කලින් අපහු gig එක බලන්න ඕනෙනම් preview click කරන්න . අන්තිමට finish කියල ඇති එක click කරන්න.
දැන් ඔක්කොම ඉවරයි.
ඔයාලට පුළුවන් ඔයයාගේ gig එක ගැන Twitter,Facebook,Google+ වගේ web sites වල දාල එක ප්‍රසිද්ධ කරගන්නත්.

ඔන්න එහෙනම් වැදගත්ම දේවල් ඔක්කොම ටික මම කිව්වා.තවත් post එකකින් කියන්නම්කො මේ gig එකක් ප්‍රසිද්ධ කරන්න හැටි,ඒ වගේම orders වැඩි කරගන්න හැටි ගැන එහෙම ..




 







FIVERR ගැන මුල ඉඳන් ඉගනගන්න

http://fiverr.com

අද මම කියන්න යනේ ඉතින් කවුරුත් දන්නා අඳුරන fiverr ගැන තමා. ඉස්සර නම් Internet භාවිත කරන හැමෝම කතා කරේ FaceBook ගැන්නේ..දැන් ඉතින් facebook ගැන කතා කරන්න ඕනේ නෑ ඒක ගැන දන්නෙ නැති කෙනෙක් නෑනේ.දැන් හැමෝම වගේ කතා කරන්නේ fiverr ගැනනේ..ඒ හින්ද මම හිතුව මේක ගැන post එකක් දාන්න ඕනේ කියල ..මම දිගටම මේක ගැන post දන්නා තම හිතාගන ඉන්නේ ..

fiverr කියන්නේ ඇත්තටම freelancer website එකක්..එතැනදී කරන්නේ ලෝකේ වටේම ඉන්න අය එකතු කරගන කරන online marketing එකක්,හරියට අපි අවුරුද්දට shopping යනවා වගේ තමා.ඒ කියන්නේ කට්ටියක් තමන්ගේ හැකියාවෙන් ප්‍රයෝජන අරන් එකෙන් වැඩක් තව කෙනෙක්ට කරලා දීල මුදල් උපයනවා .

මේකත් හරියට Ebay වගේම තමා (හැබැයි ebay එකේ වගේ භාණ්ඩ වලට bid කරන වැඩ අරව මේවා එහෙම මේකේ නෑ) මේක හරිම සරලයි.තේරුම් ගන්න ලේසි ..

ebay එකේ අපි එක එක භාණ්ඩ විකුණුම්කරුවන්ට සල්ලි දීල ගන්නවා.fiverr එකේ අපි කරන්නෙත් ඒකමයි. තව කවුරුහරි කෙනෙක් ඉන්නවනම් තමන්ට අවශ්‍ය කරන දෙයක් කරල දෙන්න පුළුවන්,අපි සල්ලි ගෙවල එයාට කියල ඒ දේ කරගන්නවාඑච්චරයි.
මේකෙදි අපි කාටහරි වැඩක් කරලා දෙනවා කියල හිතමුකෝ .එක පටන් ගන්නේ 5$(ඩොලර්) වලින්.එකෙන් අපිට හම්බෙන්නේ 4$ විතරයි.1$ fiverr එකේ අය තියාගන්නවා.

හරි fiverr account එකක් හදල නැති අයට කියන්න තියනවා දෙයක්.ඔයාල fiverr account එකක් හදන්න යනවනම් ඔයාලගේ රට විදිහට ශ්‍රී ලංකාව කියල දාන්න එපා.ඒ ඇයි දන්නවද අපේ රටවල් වගේ රටවල් වල අයට order එනවා ටිකක් අඩුයි .USA,UK,Australia වගේ රටවල් වල අයට තමා order හොඳටම ලැබෙන්නේ. 
එක නිසා ඔයාල account එකක් හදනකොට ඔයාලගේ රටට USA කියල දාන්න..

හැබැයි ප්‍රශ්නේ තමා මේකේ register වෙද්දී අපේ රට මොකක්ද කියා කියා එයාල අහන්නේ නෑ අපේ IP address එකෙන් නිකන්ම හොයාගන්නවා අපේ රට ..ඊට පස්සේ account එකේ පෙන්නයි අපේ රට ශ්‍රී ලංකාව කියල..
එකට කරන්නේ මේකයි.ඔයාල ඔයාලගේ computer එකට දාගන්න ඕනේ HOTSPOT කියන software එක.Hotspot වලින් කරන්නේ අපේ IP address එක බොරුවට වෙන රටක IP address එකකට මාරු කරලා දෙන එක.(මම VPN Softwares ගැන කලින් ලිපියකුත් දැම්මා..Hotspot කියන්නෙත් එහෙම එකක්ම තමා.එක ගැන අය බලන්න ඕනේ අය මෙතනින් බලන්න.)
Hotspot software එක ඔයාලට අර මම කිව්ව ලිපියෙන් ගිහිනුත් download කරගන්න පුළුවන්..එහෙම නැතිනම් මෙතනින් download කරගන්න ..

හරි එක install කරගන එක connect කියන එක click ක්‍රම ඔයාලගේ IP එක වෙන රටක IP එකකට මාරු වෙයි..





connect කරාට පස්සේ මෙහෙම පෙන්නයි ..එකෙන් ඔයාලට ඕනේ නම් USA වෙනුවට වෙන රටකට මාරු කරන්නත් පුළුවන්.එත් USA විදිහටම තියන්න එක හොඳයි ..

හරි දැන් ඔයාලට කරන්න තියෙන්නේ Fiverr web site එකට ගිහින් register වෙන එකයි.මේකේ register වෙද්දී ඔයාලගේ ඇත්ත තොරතුරු දෙන්න.account එක හදල ඉවර වෙලා එක confirm කරන්න කියයි.එකත් කරට පස්සේ ඔයාලට ඔයාලගේ profile එක සකස් කරන්න වෙනවා ..
එකේදී profile picture එකට හොඳ පැහැදිලි,ඔයාලගේ ෆොටෝ එකක් දාගන්න ..අය මේකෙදි ඔයාගේ ගැන හැඳින්වීමක්  දෙන්නත් තියනවා.ඒක නම් හොඳට දාන්න ඕනේ දැක්කම හිත ඇදිල යන විදිහට.

ඔයාලගේ හැකියාව ගැන කියල,ඔයාට මෙච්චර කාලයක් අත්දැකීම් තියනව කියල එහෙම දාන්න.දැන් හිතන්නකෝ ඔය ෆොටෝෂොප් ගැන දන්නවා කියල,එතකොට "I will provide you the best and the quickest service.So give me a try and feel the difference " වගේ දැක්කම හිත ඇදිල යන විදිහට ඔය ගැන දාන්න ඕනේ.
තමන් ගැන එහෙම දැම්මම අපිටත් හිතෙනවනෙ නිකන් මේ කෙනා මේක ගැන හොඳට දන්නවා වගේ කියල එහෙම ..

හරි අද අපි කතා කරානේ account එක හදල ඉවර කරනකන් වැඩ කරන විදිහ ගැන එහෙම .මම ඊළඟ ලිපියෙන් කියන්නම් කොහොමද අපේ හැකියාවෙන් අනිත් අයට වැඩක් කරලා දීල මුදල් උපයන්නේ කියල..



Friday, January 10, 2014

Image Slider එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න


මම අද කියන්න යන්නේ ලස්සන image slider එකක් ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්නේ කොහොමද කියල..image sliders ඔයාල දැකල ඇති ගොඩක් අය..වෙබ් සයිට් එකකට ගිහාම ලස්සනට එක එක images පෙන්නනවා එකින් එක මාරු වේවි.එක ඇත්තටම ගොඩක් ලස්සනයි.

මේක කරන්න පුළුවන් ලේසියෙන්ම ..මම කලින් එක එක gadgets දන හැටි කියල දුන්නනේ.ඒවා කරන විදිහටම තමා මේකත් කරන්නේ.

හරි ඉස්සරලම ඔයාල ඔයාලගේ බ්ලොග් එකේ dashboard එකට ගිහින් layouts click කරලා add gadget කියන එක click කරන්න.

එතකොට පොඩි box එකක් open වෙයි.එකෙන් ඔයාල තෝරාගන්න HTML/Java Sript කියන එක ..
එතකොට තවත් box එකක් open වෙයි.අන්න ඒ box එකේ මම යටින් දීල තියන code එක copy කරගන ගිහින් paste කරන්න.
මම මේ code එකේ රතු පාටින් දීල තියෙන්නේ links වගයක්.ඔයාල ඔයාලගේ images තියන තැන ලින්ක් එක copy කරලා මම මේකේ දීල තියන ######### මාර්ක් ටික වෙනුවට ඔයාලගේ links ටික එතෙන්ට paste කරන්න ..
ඊට පස්සේ save කරන්න ..
දැන් ඔක්කොම හරි 
මම මේ යට දීල තියෙන්නෙත් උද code එකමයි.එත් මේකේ අර ##### සලකුණු වෙනුවට images තියන ලින්ක් ටිකක් දලයි තියෙන්නේ.ඔයාලට ඕනෙනම් මේකත් try කරලා බලන්න.






Facebook Photo Album එකක photos ඔක්කොම ටික එක සැරේට download කරමුද???


Facebook එකේ අපි photos දානවනේ..ඒවාගේ අපි ඉන්නවනම් අපි කැමති ඒවා  download කරගන්න ..එත් මේ photos ඔක්කොම ටික එකින් එක  downland කරන්න ගිහාම එපා වෙනවනේ ..
ඉතින් මම අද කියන්න යන්නේ කොහොමද මේ ෆොටෝ album එකම එක සැරේට  downland කරගන්නේ කියල ..
මේක කරලා දෙන්නේ පොඩි app එකකින්..හරි දැන් කියන්නම් මේක කරන විදිහ ගැන

ඉස්සරලම මෙන්න මේ ලින්ක් එකට යන්න .. Click Here

ඊට පස්සේ එන page එකෙන් ඔයාට ඕනේ යාළුවව තෝරාගන්න (ඒ කියන්නේ අපි බාගත කරන්න යන photo album එක තියෙන්නේ මන් ගාවනම් ඔයාල මව select කරන්න ඕනේ )

ඊට පස්සේ ඔයාට බාගත කරන්න ඕනේ photo album එක page එකේ දකුණු පැත්තෙන් තෝරාගන්න ..
ඊට පස්සේ continue කියන එක click කරන්න ..
දැන් ඔයාලට පෙයි photo album එකම download වෙනවා ...
වැඩේ ලේසි!!!



ඔයාලගේ Android Mobile ෆෝන් එක data cable එකකින් පරිගණකයට සම්බන්ධ කරන්නේ නැතුව files transfer කරන්නේ මෙහෙමයි

ඔයාල දන්නවනේ ඉතින් අපි අපේ ෆෝන් එකට සින්දුවක් හරි ෆිල්ම් එකක් හරි ඒ වගේ දෙයක් දාගන්න යනකොට ෆෝන් එක cable එකකින් computer එකට සම්බන්ධ කරන්න වෙනවා.එත් එහෙම කරන්නේ නැතුව වෙන විදිහකින් මෙහෙම files transfer කරන විදිහක් ගැන තම මම අද කියන්න යන්නේ..

මේක කරලා දෙන්නේ "Airdroid" කියන app එකෙන්.

ඉස්සරලම ඔයාල ඔයාලගේ android device එකෙන් play store එකට ගිහින් airdroid කියන app එක බාගත කරගන install කරගන්න ...

ඊට පස්සේ airdroid වෙබ් page එකට ඔයාලගේ පරිගණකයෙන් connect වෙලා එකේ ගිණුමක් සාදාගෙන එකේ register වෙන්න,ඊට පස්සේ ගිණුමට ලොග් වෙන්න 
   
දැන් ෆෝන් එකෙනුත් airdroid app එකට ගිහින් එකෙන් ඔයාලගේ airdroid ගිණුමට ලොග් වෙන්න.

 දැන් ඉතින් computer එකෙන් airdroid වෙබ් අඩවියට ගිහාම ඔයාලගේ device එක එකේ පෙන්නුම් කරයි ..ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ තියන folders එහෙම ඔක්කොම computer එකෙන් බලාගන්න පුළුවන් ඔයාලට..ඒ වගේම ඔයාලගේ ෆෝන් එකට මොනවහරි දාන්නත් ayin කරන්නත් මේකෙන් පුළුවන් ...